වෙල්ගම, ඩලස් අලූත් පක්‍ෂයට විරුද්දයි.. ළගදීම තිදෙනෙකු ආණ්ඩුවට..

December 12, 2016 at 11:20 am | lanka C news
වෙල්ගම, ඩලස් අලූත් පක්‍ෂයට විරුද්දයි.. ළගදීම තිදෙනෙකු ආණ්ඩුවට..

කුමාර වෙල්ගම, ඩලස් අලහප්පෙරුම ඇතුළු ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් හිටපු ඇමති බැසින් රාජපක්‍ෂ මහතාගේ මැදිහත්වීමෙන් පිහිටුවා ඇති නව දේශපාලන බලවේගයට විරුද්ද වී ඇති බව ඇමති පී. හැරිසන් මහතා පවසයි.

ඔහු පවසන්නේ ඉදිරියේදී ස්ථිර වශයෙන්ම ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන තිදෙනෙකු ආණ්ඩුවට එක්වනු ඇති බවයි.

ඇමතිවරයා මේ අදහස් පල කලේ අනුරාධපුරයේ පැවති ජනහමුවක් අමතමිනි.

26 views

7 Comments to “වෙල්ගම, ඩලස් අලූත් පක්‍ෂයට විරුද්දයි.. ළගදීම තිදෙනෙකු ආණ්ඩුවට..”

  1. රදම්පොල ආරියපාල says:

    මිටි හුබහයි කොට මිනිහයි විශ්වාස කරන්න එපා කියලා කතාවක් තියෙනවා නේ. ඩලස් ගැන නම් අපිට කොහොමටත් විශ්වාසයක් නැහ. ඒත් වෙල්ගම ඇමතිතුමා කියන්නේ නියම කෙලින් පොරක්. ඔහු කවදාක්වත් දිය යටින් ගින්දර ගෙනියන වැඩේ කරන්නේ නැහ. ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ වැඩපිළිවෙළ ගැන හරි අවබෝධයක් ඇතිවයි වැඩ කරන්නේ.
    ඔහු හොඳින්ම දන්නවා බැසිල් කරන්නේ මොකක්ද කියලා.

    • singha01 says:

      එතකොට ඕක කියන හැරිසන් කියන්නෙ ඇත්ත කියල විස්වාසයිද ?

    • සකල බුජං says:

      මිටි හුඹහයි කොට මිනිහයි කියන උපහැරණය පී.(වී)හැරිසන්ටත් අගේට ගැලපෙනව නේද ආයිබොවං,,,

  2. රාජසිංහ says:

    පලාත් පාලන ඡන්දය තියලා බලන්නකෝ ප්‍රතිඵලය මොකක්ද කියලා. එතකොට යූ එන් පී කාරයොන්ටයි යු එන් පි ආණ්ඩුවේ ඇමතිකම් ගත්ත උදවියටයි බැසිල් රාජපක්ෂ කවුද කියලා තෙරේවි,

  3. ග්‍රාමාරක්ෂක says:

    මේ කට්ටියට හරියට රාජපක්ෂලා ගැන අවබෝධයක් නැහ. ටික දවසකින් තෙරේවි මහින්ද රාජපක්ෂගේ දේශපාලන වැඩපිළිවෙළ කොහොමද රටේ හරියාකාරව ක්‍රියාත්මක වෙන්නේ කියලා..

  4. sanjeewa says:

    Mu patangatta dawase idala kiyapu ekekwath thama giye na.
    ITHIPISO gathawa 3 n parak kiyala nidaganin. ethakota oya bahubutha heena penne na.

  5. welwidaane says:

    අනේ පලයන් වෘෂභයා !

Main News