වෙල්ගම-මහින්දානන්ද ශ්‍රීලනිපයෙන් එලියට දමයි..
October 13, 2017 at 6:29 am | lanka C news
කුමාර වෙල්ගම හා මහින්දානන්ද අලූත්ගමගේ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරවලින් ඉවත් කර ඇත.
කුමාර වෙල්ගම මහතා සංවිධායක ධුරය දරනු ලැබුවේ මතුගම ආසනයේ වන අතර මහින්දානන්ද අලූත්ගමගේ මහතා නාවලපිටිය ආසනයේ ශ්‍රීලනිප සංවිධායක ලෙස කටයුතු කලේය.
මතුගම ආසනයේ ශ්‍රීලනිප නව ආසන සංවිධායකවරිය ලෙස පත් කර ඇත්තේ හිටපු ඇමැතිනි සුමිත්‍රා ප්‍රියංගනී අබේධීර වන අතර මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එච්.ඒ. රණසිංහ මහතා නාවලපිටිය ශ්‍රීලනිප නව සංවිධායක ලෙස පත් කර ඇත.
ජනාධිපතිවරයා විසින් ජනාධිපති මන්දිරයේ දී ඊයේ පස්වරුවේ මෙම පත්වීම් ප්‍රධානය කර තිබේ.
Ethakota ruwanpure kakkussi kata?
Mahindanande denma kiyanne monada leda kiyala.
langadeema kooru genathaheki
හොඳම විහිළුව තමයි වෙල්ගම අයින් කරලා මතුගමට ප්‍රියංගනී අබේවීර දාපු එක… වෙල්ගමගේගේ මයිල් ගහක හැප්පුනත් ප්‍රියංගනි ආයෙත් කළුතරටම විසි වේවී… මේවා මේ ශ්රීලනිපය දිනවන්න කරන වැඩ නෙවේ…