වෙල්ගම යක්‍ෂාවේශ වේ.. මාධ්‍ය කැදවයි.. හතර අතට නෙලන්න සූදානම්..

October 16, 2018 at 11:20 am | lanka C news
වෙල්ගම යක්‍ෂාවේශ වේ.. මාධ්‍ය කැදවයි.. හතර අතට නෙලන්න සූදානම්..

ඊයේ දිනයේ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් ගෙන් එල්ල වූ දැඩි වාග් ප්‍රහාරයන් හමුවේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා දැඩි සිත් වේදනාවට හා කෝපයට පත්ව සිටින්නේ යයි ඔහුට සමීප ආරංචි මාර්ග සදහන් කරයි.

එම ප‍්‍රකෝපකාරී ප‍්‍රකාශයන්ට වහා ප‍්‍රතිචාර දැක්විය යුතුය යන ස්ථාවරයේ ඔහු සිටින බවත් අදද ඇතුළු දින කිහිපයේදී තමන් සහබාගී වන ජනහමු සදහා විශේෂ මාධ්‍ය ආවරණ ලබා දෙන ලෙසත් ඔහු දැනටමත් දන්වා ඇත.

රාජපක්‍ෂ පවුලට මෙන්ම තමනටය එරෙහි විවේචන කල මන්ත‍්‍රීනට දැඩිව ප‍්‍රතිචාර දක්වනු ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් විමසූ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුටම වෙල්ගම මහතා විසින් පල කර ඇත්තේ දැඩි කෝපකාරී අදහස් යයිද වාර්තා වෙයි.

264 views
Main News