වෙල්ගම හිත හදාගනී.. ගෝටාට සහාය දෙන්න එක්වෙන්න සූදානම්.. මතුගම පෙරහුරු උපවාසයක් අරඹයි..

October 17, 2019 at 10:32 pm | lanka C news
වෙල්ගම හිත හදාගනී.. ගෝටාට සහාය දෙන්න එක්වෙන්න සූදානම්.. මතුගම පෙරහුරු උපවාසයක් අරඹයි..

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට එක්වීමට නියමිතව ඇති බව නිල නොවන වාර්තා සඳහන් කරයි.

අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ ඒ සම්බන්ධයෙන් වාර්තා ගණනාවක් පලව ඇත.

මේ අතර වෙල්ගම මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දෙන්නැයි ඉල්ලමින් මතුගම නගරයේ දී උපවාසයක් ආරම්භ කර තිබේ.

මෙම උපවාසය ආරම්භ කර ඇත්තේ කුමාර වෙල්ගම මහතාට ඉතා හිතවාදී පිරිසක් විසින් වන අතර ඔවුන් දැනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කටයුතු කරමින් සිටී.

259 views