වෙසක් නිවාඩුව දිගු වෙයි.. සදුදාත් රජයේ නිවාඩු දිනයක් කරයි..

May 16, 2019 at 8:02 am | lanka C news
වෙසක් නිවාඩුව දිගු වෙයි.. සදුදාත් රජයේ නිවාඩු දිනයක් කරයි..

ලබන සදුදා (20) දිනය රජයේ නිවාඩුවක් කිරීමට රජය තීරණය කර ඇත.

මෙවර වෙසක් පොහොය දිනය සෙනසුරාදා ඉරිදා දිනයනට යෙදී තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සදහන් කරන්නේ රටපුරා වෙසක් සැමරුම් සාර්ථකව පැවැත්වීම සදහා මෙම තීරණය ගත් බවයි.

18,717 Viewers

6 Comments to “වෙසක් නිවාඩුව දිගු වෙයි.. සදුදාත් රජයේ නිවාඩු දිනයක් කරයි..”

  1. Ptr says:

    Private companies walata nadda

    • Nishantha says:

      Irida wenuwata saduda niwadu labuna.apita senasurada waruwak nuwadu nisa agaharuwada waruwk niwadu laba diya yithui.kamkaruwanta jaya wewa.

  2. Love nature says:

    “බුදු සසුන බැබලේවා..! සෑම හදවත් තුලම …

  3. Love nature says:

    සම්බුද්ධ සාසනය වෙත සතුරු උපද්‍රව නිරන්තරයෙන් පැමිණෙන්නේ එහි ඇති අවිහිංසාවාදී බව නිසාම විය හැකිය. කෙතරම් අභියෝග පැමිණියද දෙදහස් පන්සිය වසරක් තිස්සේ නිර්මල බුදු දහම ආරක්ෂා විය. නමුත් අද වන විට වගකිවයුතු පුද්ගලයන් බුදු සසුන සුරැකීමේ කාර්ය අතපසු කරමින් සිටින බැවින් එහි අනාගත ඉරණම කණගාටු දායක පරිවර්ථනයකට ලක්ව ඇත.
    බුදුරජානන්සේගේ ශ්‍රී සද්ධර්මයට කිසිදු බලවේගයකට හානි පැමිණවිය නොහැකි බව සත්‍යයකි. බෞද්ධයන් ආරක්ෂා කළ යුත්තේ කුමක්ද?, ශාසනය යනුවෙන් අදහස් කෙරෙන්නේ කුමක්ද? යන්න සමාජය තුළ නිවැරදි වැටහීමක් නැත. සාසනය සම්බන්ධයෙන් මෑතකදී කරණ ලද සරළ අර්තකථනයක් බුද්ධ සාසනය පිළිබද 2002 ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පෙන්වා දී ඇත. ඒ අනුව සාසනය යනු වෙන් හැදින්වෙන්නේ “තථාගතයන් වහන්සේ, නව ලෝකෝත්තර ධර්මය, පර්යාප්ති ධර්මය, සංඝ රත්නය, විහාරංග සහිත විහාරස්ථාන, අරණ්‍ය සෙනාසන හා භාවනා මධ්‍යස්ථාන, බෝධි වෘක්ෂ, ස්තූප, පිළිම ගෙවල්, ධාතු මන්දිර, බණ පොත් හා පුස්ථකාල, උපෝසතාගාර, විහාරස්ථාන සන්තක කෙත්වතු හා දේපොළ, බෞද්ධ අධ්‍යාපනය, දේවාලය, සිල්මාතාවන් හා උපාසිකාරාම, තෙරුවන් සරණ ගිය ජනතාව, බෞද්ධ සාහිත්‍යය, සංස්කෘතිය හා ශිෂ්ධාචාරය, බෞද්ධාගමික උත්සව, පෙරහැර හා පුද සිරිත්, බෞද්ධ ප්‍රතිපත්ති හා ආචාර ධර්ම යන අංග හා ඒවායේ පැවැත්මට අවශ්‍ය දේ බුද්ධ සාසනය නමින් හැදින්වෙනු ඇත. මේ අනුව ශාසනය යනු පුළුල් පරාසයක විහිදී ගිය මහා වෘක්ෂයක් බදුය. බුදු දහම ලොව පවතින්නටනම් ඉහත සියල්ල හොදින් පැවතිය යුතුය. ආරක්ෂා විය යුතුය.

  4. Love nature says:

    ශ්‍රී ලංකාව බෞද්ධ රටක්‌ බවත් එහි බුද්ධ ශාසනය ආරක්‍ෂා විය යුතු බවත් සත්‍ය ගරුකරන කවුරුන් වුවද පිළිගත යුතුය. එම සත්‍යය දැන ඊට ගරු කළා පමණක්‌ නොව එය ප්‍රකාශයට පත් කළ කෙනෙකි, මර්සලිනු ජයකොඩි පියතුමා. එතුමාගේ හදවතින්ම නැගුණු කවි සංකල්පනා මගින් ඒ බව මෙසේ අවධාරණය කළේය.

    වෙහෙරක්‌ නැති තැනක වෙහෙරක්‌ තැනීයන් – බැලු බැලු හැමතැනම වෙහෙරක්‌ පෙනීයන්

    ඉන්දෙන පණිවිඩය සවනට දැනීයන් – දුටු දුටු හැම සිතකම සිල් ගැනීයන්

    උතුරත් දකුණත් අනෙක්‌ දෙපැත්තත් – වෙහෙරින් සුදු වී ඇත නංවා කොත්

    යම්විට යම් කොත් සුන් වී ඇති හොත් – යළි නංවනතුරු කන්න එපා බත්

    පියතුමා මුල් කවියෙන් කියන්නේ රට පුරා බැලු බැලු හැමතැනකම පන්සල් හැදිය යුතු බවයි. එමගින් දෙන පණිවිඩයෙන් සියලු වැසියන්ගේ සිත් සිල් ගැන්වීම එතුමාගේ අදහස විය. දෙවැනි කවියෙන් අවධාරණය කරන්නේ කැඩී බිඳීගිය වෙහෙර විහාර පිළිසකර කළ යුතු බවයි. විශේෂයෙන් නටබුන් වූ දාගැබ් පිළිසකර කොට කොත් පැළඳවිය යුතු බවයි. කුසගින්නේ ඉදිමින් හෝ එය කළ යුතු බව එතුමා අවධාරණය කරයි.

  5. danuskha says:

    පුද්ගලික ආයතනවල වැඩ කරන අපිට නවාඩු නැත​. අපටත් නිවාඩු ලබාදෙන්න​

Main News