වෙසක් නොතකා විවෘත කල මස් කඩයට විරෝධතා.. වසා දැමේ..

May 21, 2019 at 8:02 am | lanka C news
වෙසක් නොතකා විවෘත කල මස් කඩයට විරෝධතා.. වසා දැමේ..

වෙසක් සතිය නිමිත්තෙන් 18 දින සිට 20 දක්වා හැටන් නගරයේ මස් මාංශ  අලෙවිසැල් වසා දමන ලෙස නගර සභාව මගින් මස් මාංශ අලෙවි කරන වෙළදසැල් හිමියන්ගෙන් ඉල්ලිමක් කර තිබුණි.

එම ඉල්ලිම නොසලකමින් හැටන් නගරයේ ඇතැම් මස් මාංශ අලෙවි ව්‍යාපාරිකයන් 20 දින එම වෙළදසැල් විවෘත කර තැබිම සම්බන්ධයෙන් හැටන් දික්ඔය නගර සභාවට සහ  හැටන් පොලිසියට වාචිකව කල දැනුම් දිමක් මත එම වෙළදසැල් හිමියන් සමග නගර සභාව සහ පොලිස්  නිලධාරින් සාකච්ඡා කර  අද දිනයේත් එම වෙළදසැල් වසා දැමිමට පසුව වෙළදසැල් හිමියන් තිරණය කෙරිණ.

වෙසක් සතිය නිමිත්තෙන් 18 දින සිට 21 දින දක්වා දිවයින පුරා මත්පැන්සැල් සහ ගව මස් කඩ  වසා දැමිමට රජය සහ අදාල පලාත් පාලන ආයතන  කටයුතු කර තිබුණි.

– හැටන් රංජිත් රාජපක්ෂ

36 views
Main News