වෙසක් පොසොන් පොහොයට තොරණ තහනම් කිරීම ද වටිනා වාහන මුහුදට දමා සතුටු වන උමතු රෙජීමයේ තවත් ඒ පන්නයේ තීරණයකි…

March 31, 2018 at 8:40 am | lanka C news
වෙසක් පොසොන් පොහොයට තොරණ තහනම් කිරීම ද වටිනා වාහන මුහුදට දමා සතුටු වන උමතු රෙජීමයේ තවත් ඒ පන්නයේ තීරණයකි…

වෙසක් හා පොසොන් පොහොය දිනවල තොරණ් පැවැත්වීම රජය තහනම් කරන්නේ යයි පලවූ මාධ්‍ය වාර්තා ගැන ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් පහතින් දැක්වෙයි.

“වෙසක් හා පොසොන් පොහොය දිනයට තොරණ ප්‍රදර්ශනය තහනම් කිරීම ද වටිනා වාහන මුහුදට දමා සතුටු වන උමතු රෙජීමයේ තවත් ඒ පන්නයේ තීරණයකි.”

වෙසක් හා පොසොන් පොහෝ දිනයන්හි තොරන් ප්‍රදර්ශනය තහනම් කිරීමට සිරිසේන – රනිල් රෙජීමය තීරණය කොට තිබේ. අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා ප්‍රතික්ෂේප කර තිබිය දී නත්තලට ලොව උසම නත්තල් ගස සෑදීමට කටයුතු කළ ආණ්ඩුව වෙසක් හා පොසොන් පොහොය දිනවල තොරන් ප්‍රදර්ශනය තහනම් කරන්නේ කුමන පදනමකින් ද ?

මෙරට බෞද්ධ ජනතාව වෙසක් හෝ පොසොන් පොහොය දිනයන්හි පන්සල් ගොස් ආගමික වතාවත් සිදුකර තොරන් බැලීමට යන්නේ රාත්‍රිය උදා වීමෙන් පසුව ය. මෙරට බෞද්ධ ජනතාව, දහම් අධ්‍යාපනය සඳහා දරුවන්ට ඉඩ ලබා දීම පිණිස ඉරිදා දිනයේ පෞද්ගලික පන්ති පැවැත්වීම නතර කරන්නැයි ඉල්ලා තිබුණ ද කිසිවකු වෙසක් හෝ පොසොන් දිනයේ තොරන් ප්‍රදර්ශනය නතර කරන්නැයි ඉල්ලා නැත. චිරාත් කාලයක් තිස්සේ මෙරට බෞද්ධ සංස්කෘතිය හා බැඳුණු තොරණ ප්‍රදර්ශනය, ජාතක කතා හා බැඳුණු ධර්ම අධ්‍යාපනය දරුවන්ට බෙදා දෙන ලද එක් ආකාරයක් විය. එබැවින් තොරණ ප්‍රදර්ශනය යනු වෙසක් හෝ පොසොන් පොහොය දිනයට නොගැලපෙන්නක් නොවේ.

එහෙත් කිසිවක් පිළිබඳව නිවැරදිව දැකීමේ හැකියාව අහිමි කරගෙන සිටින මේ වල්භූත රෙජීමය, බෞද්ධප්‍රේමී ස්වරූපයෙන් කරනුයේ බෞද්ධයාගේ සංස්කෘතියට පහර ගැසීම ය. හිටපු ජනාධිපතිවරුන් භාවිත කරන ලද සුඛෝපභෝගී වෙඩි නොවදින වාහන හා කොටි සතුව තිබූ ශ්‍රී ලංකා හමුදාවන් භාරයට පත්කර ගනු ලැබූ නැව පසුගියදා මුහුදට අතහැරියේ ද මෙම අනුවණ රෙජීමයම ය.

වෙසක් හා පොසොන් පොහොය දිනයට තොරණ ප්‍රදර්ශනය තහනම් කිරීම ද වටිනා වාහන මුහුදට දමා සතුටු වන උමතු රෙජීමයේ තවත් ඒ පන්නයේ තීරණයකි. මෙරට බෞද්ධ ජනතාව සමච්චලයට භාජනය නොකර අදාළ අනුවණ හා අමන තීරණය වහාම හකුළා ගන්නා ලෙස අපි ආණ්ඩුවට බලකර සිටිමු.

විමල් වීරවංශ,
නායක,
ජාතික නිදහස් පෙරමුණ,

161 views

12 Comments to “වෙසක් පොසොන් පොහොයට තොරණ තහනම් කිරීම ද වටිනා වාහන මුහුදට දමා සතුටු වන උමතු රෙජීමයේ තවත් ඒ පන්නයේ තීරණයකි…”

  1. bandara says:

    වෙසක් දිනයේ තොරන් සහ දන්සල් පවත්වා හිරේ යාමට සූදානම් වෙමු..ජනසටනින් ගොබ්බ බලය බිදිමු….වෙසක් පොහොය සීමා කරන ජඩපාලන නීති කඩා බන්ධනාගාර පුරවමු….!

    • ජනක says:

      අපි අපේ නිවාස වල පවා පුංචි තොරන් සාදමු ඒවා වෙසක් පුන් පොහෝදින ප්‍රදර්ශනය කරමු .රජයේ බෞද්ද විරෝදී උමතුවට විරුද්දව සටන් කරමු .සියලුම තොරන් වෙසක් පොහෝ දින දල්වමු .
      මේ මුන් හදන්නේ වෙන එකක් නෙවෙයි මැයි පළමුවෙනිදා කම්කරු දිනය බේරා වෙසක් උත්සවය කඩාකප්පල් කිරීමටයි .මේ නාකි ඇමති හාල්පාරුවාට කවුරුන්හරි උපදෙස් දෙන්න ඇති මෙහෙම කියපන් කියල .බෞද්දයිනි වහාම මේ තීරණයට විරුද්දව කඳවුරු බදිමු .

  2. Upali says:

    විමල් මහතා, මම ඔබ තුමාට ගරු කරමි. යුද්ද්‍යය පවත්නා කාලයේ රනවිරුවන්ගේ චිත්ත දයිරිය වැඩි කිරීමට ඔබ බොහෝ කැප උනා. අසාදාරනයට විරුද්ද්ව ඔබගේ හඬ චන්ද දයකයින්ට අවබෝදයක් උනා. එහි ප්‍රතිපලයක් ලෙස එජාපය 35% ට බැස්සා .රටේ ජනතවගේ කැමෙත්ත නැතිව හෝ ඔවුන් බලය අත් නොහරති. එහෙත් වටිනා වාහන අන් රටකට විකිනීම හෝ ,අද්‍යාපන ආයතනයකට දීම හෝ වෙනුවට මුහුදේ ගිල්වීම වැනි අමන ක්‍රියාද සිදු කරති. එය සිදු කිරීමට පෙර ඔබ හඬ නැගුවා නම් එයද වලක්වා ගත හැකිව තිබුනි. එහෙත් ඔබලාගෙන් ඒ විරෝදය ඉටු නොවුනි. එහෙත් ඒ සිද්දිය මෙයට සමාන කල හැකි නොවේ. වෙසක් දිනයේ තොරන් , ඔලු නැටුම් , අමන සන්ගීත බුදුන් විසින් විසූක දස්සන ලෙස ප්‍රතික්ශේප කර ඇත. මෙය තහනම් කිරීම වෙසක් දිනයට පමනි. පසු දින සිට ඕනෑම විනෝදා ක්‍රියා සිදු කල හැක.මේ රජය කල අමන දේශද්‍රෝහී ක්‍රියා සියයක් අතර මෙය එක හොඳ වැඩකි. එම නිසා මෙයට විතරක් වත් විරුද්ද නොවන්න.

    • sky says:

      100% agree …Well said Upali …Wimal is a great Patriotic leader ….No Doubt About It

      • හර්ෂණ says:

        අනිවාර්යෙන් උඹ බෞද්දයෙක් වෙන්න බෑ. මේ තීරණයෙන් වෙන්නේ බෞද්දයන් වෙසක් සැරසිලි කිරීම නතරකර දැමීම වෙසක් දිනට නැති සැරසිලි දෙවන දවසට මොනවටද ?
        බුදුදහම බලහත්කාරයෙන් දෙන ආගමක් නොවේ වෙසක් දවසට සිල් ගන්නා අය කොහොමත් සිල් ගන්නවා එසේම වෙසක් කුඩු තෝරන් සාදන ය ඒවා සාදනවා වෙසක් බලන්න යන අය වෙසක් බලනවා මේක නවත්වන්න කාටවත් බෑ මේවගේ දේවල් කලේ සුද්දගේ කාලේ පමණයි .මේ කරන්නේ තනිකරම කොලේ වහලා ගැහීමක් වෙසක් උත්සවය සැමරීම නතර කරන්න කරපු උප්පරවැටියක්

    • Fass says:

      Panditha katha kiyana Upali thamun aduma game pansil Wath araksha karanawada?

  3. සිංහල බන්ඩා says:

    බටහිරයො සහ ඉන්දියානුවන් විසින් කිසිම අයුරකින් නොගැලපෙන දෙන්නෙක් (රනිල්/සිරා) එකට බැඳල බලයට ගෙනාවෙ අපේ රට නැති කරග විනාස කොරන්න කියන එක අද බහුතර සාමාන්‍ය ජනතාවටත් බොහොම පැහැදිලිය්.

    • උකුස්සා says:

      රනිල්- සිරිසේන බෞද්ධ විරෝධීන් ..ඔවුන් තිරුපති අදහන්නන් ….එවැන්නන්ගෙන් කුමක් බලාපොරොත්තු වියහැකිද ?
      මේ උමතු හොර දේශපාලකයන්ට අපේ පන්සල් වලට ඇතුල් වීම තහනම් කල යුතුයි ..
      ජන්දයක් ලගනම් පන්සලට ඇවිත් පිරිත් නුල් බැදගන්නවා ….බෞද්ධ ජනතාව රැවටීමට ….
      මෙවැනි පාලකයන් එළවා රට ජාතිය ආගම රැකගනිව් සිහලුනේ

  4. Anglican pappa says:

    Me anduwa Kristhiyanuwange, Drawisayange, Muslimwarunge saha Mahanakyakalage anduwaki. Mun Sinhalaya ha Buddhagama neththatama nethi karanawa etha. In pasu apita Buddhagama newatha Burumayen genennata siduwanu etha.

  5. Dileesha says:

    ශ්‍රී ලංකාවේ වෙසක් යනු බහුතරයක් වූ බෞද්ධ ජනතාවට ඉතා විශේෂ දිනයකි. ප්‍රධාන ලෙස දින දෙකක් මේ සදහා පවති.
    මුල් දිනය පන්සල් සහ සංඝයාවහන්සේලා ඇසුරු කරගනිමින් ආගමික කටයුතු වල නිරතවීම ඉතා වැදගත්ය.
    වෙසක් උළලේ සෙසු අංග වන දන්සල් සහ තොරණ දෙවැනි දින සිට සිදුකිරීමේ වරදක් නොපෙනේ. මෙසේ කිරීමෙන් බෞද්ධ ජනතාව ආගම දහමට වඩාත් සමීප කරවීමට රුකුලක්ද වේ.
    එසේම තොරණ, දන්සල් සහ සෙසු අංග ආගමික මුහුණුවරකින් සිදු කිරීම වැදගත්ය.

  6. අරුණ says:

    බෞද්ධයින් බුදුදහම පිළිපදින හෝ විශ්වාස කරන, බෞද්ධ කම ප්රදර්ශනය කරන ආකාරයයට නීති පැනවීමට ආණ්ඩුවට බෑ ….පන්සල් යන එක පිරිමි අඩු කරලා තියෙන්නෙ සමලිංගිකයින් චීවරදාරීන් ලෙස පන්සල් වලට අරක්ගෙන තියෙන් හිංදා…මේ විධියට නීති දාන කැබිනට් එකේ ප..යින්ට විරුදධව මානව හිමිකම නඩුවක් දාන්න ඔනෑ……හැමදාම සවස 7ට පන්සල්වල හාමුදුරුවන් බුද්ධවන්දනා වැඩසටහන් දැම්මාහම මිනිස්සු පන්සල් එයි.

  7. The Buddhist says:

    ඔය ඇමතිට අමතක වෙලාද ලංකා ව්‍යවස්තාවේ තියෙනවා “ආගමික නිදහස” කියල එකක්. ඒ අනුව බලෙන් අර විදිහට මේ විදිහට කරපන් කියල කියන්න බැහැ.

Main News