වෙසක් පෝයට, පොසොන් පෝයට තොරණ ප‍්‍රදර්ශණය තහනම් කෙරේ..

March 30, 2018 at 2:10 pm | lanka C news
වෙසක් පෝයට, පොසොන් පෝයට තොරණ ප‍්‍රදර්ශණය තහනම් කෙරේ..

බෞද්ධයන්ට ඉමහත් ශාසනික වැදගත්කමක් යුත් වෙසක් පොහොය දින හා පොසොන් පොහොය දිනවලදී තොරණ ප්‍රදර්ශනය මුළුමනින්ම තහනම් කිරීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය කටයුතු කර ඇත.

බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම ප‍ෙරේරා මහතා සදහන් කරන්නේ මෙම තීරණය ගනු ලැබුවේ වෙසක් පොසොන් පොහෝ දිනවලදී ජනතාව පන්සලේ රැඳී නොසිටින නිසා බවත් සවසට ආගමික කටයුතු සදහා වැඩිහිටි කිහිපදෙනකු මිස අන් කිසිවෙකු පන්සලේ නොරැදෙන බවත්ය.

එනිසා සියලු තොරණ ප්‍රදර්ශනය කිරීඹ පෝයට පසු දා සිට කරන ලෙස දන්වන බවද ඔහු කියා සිටී.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ බළපිටිය කෝවිලවත්ත බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී පැවැති උත්සවයක් අමතමිනි.

37 views

28 Comments to “වෙසක් පෝයට, පොසොන් පෝයට තොරණ ප‍්‍රදර්ශණය තහනම් කෙරේ..”

  1. Dileesha1 says:

    රජයේ මොන ප්‍රශ්න තිබුනත්, මේ ගත් තීරණය අප අගය කල යුතුව ඇත. බෞද්ධ රාජ්‍යයක් වූ ශ්‍රී ලංකාවේ බහුතරයක් වූ බෞද්ධ ජනතාවට වෙසක් දිනය යනු ඉතා උතුම් දිනයකි.
    ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහිපත් කරන මේ අසිරිමත් දිනයේ, සැබෑ කම්කරු අයිතීන් වෙනුවෙන් වත් පෙනී නොසිට දේශපාලන අරමුණු වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පවත්වන වර්තමාන මැයි දිනය (දේශපාලකයන් විසින් කම්කරුවන් බේබද්දන් කර රවටා වෛරය පතුරවන දිනය) වෙනත් දිනයකට කල්දැමීම පැසසුම් කටයුතුය.

  2. MG Wickramarathne says:

    ප්‍රතිපත්ති සහ ආමිස, ධර්ම අවබෝධ කරගත හැකි ඒ ඒ අයගේ අවබෝධ ශක්තිය අනුව තේරුම් ගන්න පුළුවන් ප්‍රඤාවෙන් දකින අවබෝධ කරගත හැකි,, විශේෂයෙන්ම චේතනාවට ප්‍රමුඛත්වය දීම ප්‍රධානතම කරුණ වේ ,
    ගැඹුරු ධර්ම දේශනා අවබෝධ නොවෙන අයට ,, මූලික වශයෙන් ධර්ම කෙරෙහි සද්ධාව වැඩි දියුණු කිරීමට පහසු වන තොරන් , ආදී දේවල් වලින් පහසූවෙන් ධර්ම කරුණු අවබෝධ කර ගත හැකිය

Main News