වෙසක් වන තුරු සංචරණ සීමා දිගු වෙයිද..- පොලීසියෙන් ප‍්‍රකාශයක්

May 16, 2021 at 3:22 am | lanka C news
වෙසක් වන තුරු සංචරණ සීමා දිගු වෙයිද..- පොලීසියෙන් ප‍්‍රකාශයක්

පවුලේ සාමාජිකයන් සමඟ පුද්ගලික වාහනය ක ගමන් කරන්නේ නම් මුව ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සඳහන් කරයි.

පවුලේ සාමාජිකයන් ලෙස අදහස් කරන්නේ එකම නිවසේ වෙසෙන පිරිසක් මිස ඥාතීන් නොවන බවත් ඒ මහතා අවධාරණය කරයි.

එසේ නොමැතිව පොදු වාහනවල ගමන් කරන අවස්ථාවලදී මෙන්ම මහජනයා ගැවසෙන ඕනෑම අවස්ථාවකදී ප්‍රසිද්ධ එළිමහනේ සිටින සෑම විටම මුව ආවරණයක් පැළඳිය යුතු බවද ඔහු පැවසීය.

වෙසක් පොහොය වන තෙක් සංචාරණ සීමා දීර්ඝ වෙද්ද නැද්ද යන්න තීරණය වන්නේ මේ මොහොතේ ජනතාවගේ හැසිරීම අනුව යයිද ඔහු තව දුරටත් පැවසීය.

60,220 views

7 Comments to “වෙසක් වන තුරු සංචරණ සීමා දිගු වෙයිද..- පොලීසියෙන් ප‍්‍රකාශයක්”

  1. අනන්ද says:

    ගෝටාභය ලොක්කා තවත් මොනවා කරනවද? රට වහන්නේ නැතුව

    • ඇල්ෆා ටෝක් සීන් says:

      කීයටවත් නැහැ. ඇඳිරි නීතිය දාන්නේ ත් නැහැ. එහෙම කරාම විරුද්ධ පක්ෂයේ උන් වැළලෙන්න හදනවා. අනිත් එක අච්චු ගහලා ගහලා 5000 කොළ බෙදලා දැන් ලිමිට් පැනලා.
      එමනිසා කඩවහල, පාරවල් වහල, මිනිස්සු ගෙවල් වලින් එළියට බහින එක තහනම් කරා. ඒකට කියන්නේ අතීසාරයට අමුඩෙ තද කරනවා කියලා. දැන් ශෙපද කියලා ඇහුවා මතකද

  2. Gamaya says:

    ඔය කොය් නීතියත් සාමාන්‍ය ජනතාවට විතරය්. දේශපාලුවන්ට උන්ගේ පවුල්වල අයට, යාලුවන්ට බලපාන්නේ නෑ. උදාහරණයකට ජොනියගේ දුවට නීතිය බලපෑවද?

  3. අවධානම ගැන දැන්වත් හිතන්න says:

    ගම්පහ ජාඇල පාරේ ගම්පහට කිට්ටු පන්සල්වල හාමුදුරුවෝ ගංවතුර බලන්න යනව. වතුරෙ නානවා.. වීඩියෝ කරනවා..
    සංචරණසීමා හාමුදුරුවන්ට අදාළ නැද්ද මහත්තයෝ ?

  4. Rajath says:

    වෙසික් දිනය පසුවන තුරු ලොක් ඩවුන් කළොත් මෙය සාර්ථක වේ. නොමැති නම් වෙසක් රැල්ල යැයි කියන්න වේවි. ගෙදර සිට බණ භාවනා බුද්ධ වන්දනා කළ හැකිය. ඊට එහා වෙසක් එකක් උවමනා නැත. විනෝද වීම වෙසක් නොවේ.

  5. ඇත්ත ! says:

    පොසොන් වෙනකම් රට වහන්න වෙනවා…. බොරුනම් බලන්න !
    නත්තල් වෙද්දි බොහෝ දෙනෙක් ස්වර්ගයේ

  6. RNY says:

    වෙසක් උත්සවය ඉවරවෙනකන් රට වැසුවොත් මේ ප්‍රශ්නය ඉවර වෙයි. මම බෞද්ධ සිංහල.

Main News