වෙසක් සමයේ හොරට විකිණු මත්පැන් බෝතල් තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවේ..

May 20, 2019 at 2:26 am | lanka C news
වෙසක් සමයේ හොරට විකිණු මත්පැන් බෝතල් තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවේ..

වෙසක් උත්සව සමයේ බලපත්‍රයක් නොමැතිව වතු කම්කරුවන්ට රජයේ අනුමත මත්පැන් අධික මිලට අලෙවි කල සැකකරුවන් දෙදෙනෙක් වටවල සහ බගවන්තලාව යන ප්‍රදේශයන් වලදි අත්අඩංගුවට ගෙන ඇත.

වටවල පොලිස් වසමට අයත් වැලිඔය  වත්තේ වතු නිවාසයක සගවා මත්පැන් අලෙවි කරමින් සිටි සැකකරුවෙක් මත්පැන් බොතල් 21 සමග අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇප මත මුදා හැර ඇති අතර ඔහුට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නෛතික පියවර ගැනිමට කටයුතු කර ඇති බව වටවල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලලිත් මහගෙදර මහතා පැවසුවේය.

මේ අතර බගවන්තලාව කර්කස්වොල් වතුයායේ වතු කම්කරුවන්ට බලපත්‍රයක් නොමැතිව වැඩි මිලට මත් පැන් අලෙවි කල සැකකරුවෙකු මත්පැන් බොතල් 10 සමග   බගවන්තලාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සැකකරු ඇප මත මුදා හැර ඇති අතර ඔහුට එරෙහිවද හැටන් මහෙස්ත්‍රාත් අධිකරණ හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කරන බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසුවේය.

– හැටන් රංජිත් රාජපක්ෂ                       

14 views
Main News