වෙස්මුහුණු ගලවන්න ඒකාබද්දය සැරසේ.. අයවැයට නමින් ඡන්දයක් ඉල්ලයි…

March 12, 2019 at 5:00 pm | lanka C news
වෙස්මුහුණු ගලවන්න  ඒකාබද්දය සැරසේ.. අයවැයට නමින් ඡන්දයක් ඉල්ලයි…

අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම තව ටික වේලාවකින් පාර්ලිමේන්තුවේ ආරම්භවීමට නියමිතය.

එහිදී නමින් ඡන්ද විමසීමක් ඉල්ලා සිටීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සන්ධාන මන්ත්‍රී පිරිසක් කටයුතු කරනු ඇතැයි වාර්තාවෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී පිරිස සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී පිරිස ඡන්දය දීමෙන් වැළකී සිටිනු ඇති බවට තොරතුරු දැනටමත් වාර්තාවී ඇත.

මෙම තත්ත්වය මත අයවැය දෙවැනිවර කියවීම සම්මත වනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග තවදුරටත් කියායි.

94 views
Main News