වෙහෙස වන ජනතාව මානසික ශක්තිය ලබා ගන්නේ බෝධීන් වහන්සේගෙන්.. එනිසා විදුලි සහන දෙන්න..- මහ නාහිමි

September 21, 2022 at 10:22 pm | lanka C news
වෙහෙස වන ජනතාව මානසික ශක්තිය ලබා ගන්නේ බෝධීන් වහන්සේගෙන්.. එනිසා විදුලි සහන දෙන්න..- මහ නාහිමි

වෙහෙස මහන්සි වන ජනතාව සන්ධ්‍යා කාලයේ දී විහාරස්ථානවලට පැමිණ බෝධීන් වහන්සේ වන්දනාමාන කර මානසික ශක්තියක් ඇති කර ගන්නා බව අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි නා හිමියෝ සඳහන් කරති.

මෙරට බොහෝ විහාරස්ථාන ආදායම් ලබන විහාරස්ථාන නොවන බවත් එවන් විහාරස්ථානවල විදුලි බලය මිල අධික කිරීම විශාල ගැටළුවක් බවත් උන්වහන්සේ සඳහන් කරති.

එනිසා විහාරස්ථානවල විදුලි බලයෙන් බිලට සහන සැලසීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති තුමා ඇතුළු වගකිව යුතු සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ පැවසූහ.

ආගමික ස්ථානවලද විදුලි ගාස්තු ඉහළ නැංවීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.

14,005 views

26 Comments to “වෙහෙස වන ජනතාව මානසික ශක්තිය ලබා ගන්නේ බෝධීන් වහන්සේගෙන්.. එනිසා විදුලි සහන දෙන්න..- මහ නාහිමි”

  1. Nimal says:

    Bullock at its best.

  2. Tona says:

    රෙද්දෙ රෙවුනෙ පන්සලේ ලයිට්බිල වැඩිඋනාමද සාදු? අපි අවුරුදු ගානක් තිස්සෙ කාලකන්නි පාලකයො හින්ද දුක්විඳිනව. පහුවදාට ආයෙත් බර අදින්න කායික මානසික ශක්තිය ලැබෙන්නෙ බාර් එකෙන්. වැදි බණ අහල නෙමෙයි. අරක්කු මිල අඩුකරන්න.

  3. පොඩි සාදු says:

    දවසම ඒසී එකේ ඉඳලා නෙ අපෙ ලොකු හාංදුරුවා සක්තිය ලබා ගන්නෙ. ඒ නිසා අනේ ලයිට් බිල අඩු කොරන්ට .

    බෝදියට බලුප්
    ආවාසෙට පුල් ඒ සී.

  4. sam says:

    They spend their life with AC…….. POor people have not food for eating…

  5. අරුණ කුමාර says:

    මිනිස්සු ලවා ගස් ගල් වලට වන්දවා තවත් මුළා කරගෙන තියා ගන්න තමා ඕනෑ.

  6. susa says:

    Every rooms Air Conditions

  7. අර්යාව says:

    අපේ නායක හමුදුරුවනේ නොදන්න කමට අහන්නේ බුදුහාමුදුරුවන්ගෙ කාලෙත් පන්සල්වල, බෝදිය වටේට රෑ එලිවෙනකම් ලයිට් දාල AC දාල තිබුනද.

    • අරුණ උපාසක says:

      ඒ මොටද? ඒ කාලෙ හිටියෙ හාමුදුරුවරු නෙව ළමයෝ.

  8. පාර්ලිමේන්තූවෙ ගංජාවවල හරි විදූලිය ලැබෙනව නම් ආශිර්වාද කොරන්න. says:

    පාර්ලිමේන්තූවෙ ගංජාවවල හරි විදූලිය ලැබෙනව නම් ආශිර්වාද කොරන්න.එතකොට දිරිය ලැබේවි.

  9. ජෙප්පා says:

    ඕක අපට කියල වැඩක් නෑ සාදු.
    එක්කො ලයිට් බිල අඩු වෙන්න කියලා රට පුරා බෝධි පූජා තියන්න.
    නැත්නම් පාස්ටර් ජෙරොම්ට කියලා දෙවියන් වහන්සේට කන්නලවුවක් කරන්න.

    • ඒසී නැතිව බෑ බෑමයි says:

      ලයිට් බිල අඩුවීමට චෛත්‍ය රාජයානන්ට සිවුරු පලඳවා අසූහාරදහසේ පහන් පූජාවක් සමග මහා බෝධි වන්දනාවක් කරමු.

  10. Sam says:

    ගණ ගෙඩ්යො, එක්කෝ ආදායම් ලබන පන්සල් වලින් සල්ලි ඉල්ලා ගන්න නැත්නම්, එන දායකයන්ට ගෙවන්න කියන්න, එහෙමත් නැත්නම් AC off කරන්න. තොපේ නිරුවත අතන මෙතන රතන හෙළි කරා

Leave a Comment

Main News