වෙළඳපොළේ රුපියල් 700ක එළවළු මල්ල රුපියල් 350 ක සහන මිලට ජනතාවට.. කෘෂිකර්ම ඇමතිම බෙදයි..

September 8, 2020 at 5:30 pm | lanka C news
වෙළඳපොළේ රුපියල් 700ක එළවළු මල්ල රුපියල් 350 ක සහන මිලට ජනතාවට.. කෘෂිකර්ම ඇමතිම බෙදයි..

ජනාධිපතිතුමාගේ ‘ සෞභාග්‍යයේ දැක්ම ’ යථාර්ථයක් කරමින් ගොවි ජනතාව සහ පාරිභෝගික ප්‍රජාව යන අංශ දෙකටම සහන සැලසීම සඳහා විශේෂ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ආරම්භ කර ඇත.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මඟින් ගොවිජනතාවගේ අස්වැන්නට සාධාරණ මිලක් ලබා දෙන අතර පාරිභෝගිකයාට ද සහන මිලකට එළවළු මිලදී ගැනීමට අවස්ථාවක් හිමි වේ.

කැරට් ,ලංකා අර්තාපල්, බීට්, තක්කාලි ,ලීක්ස් සහ නෝකෝල් යන එළවළු වර්ග 6කින් සමන්විත එළවළු මල්ලේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් 700ක් වන අතර අතරමැදියන්ගෙන් තොරව සෘජුවම අස්වැන්න මිලදී ගැනීමේ වාසිය පාරිභෝගිකයාට හිමි වන නිසා එළවළු මල්ල රුපියල් 350ක් වැනි සහන මිලකට මිලදී ගැනීමට හැකි වේ.

අතරමැදියන් නොමැතිව ගොවීන්ගේ අස්වැන්න ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන විසින් මිලට ගෙන ඒවා පාරිභෝගික ජනතාව වෙත අලෙවි කිරීම මේ හරහා සිදුවේ.

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය මඟින් මෙම කටයුතු සිදු කරන අතර කොළඹ දිස්ත්‍රික්කයේ කොටුව දුම්රිය ස්ථානය, මරදාන දුම්රිය ස්ථානය, ඉසුරුපාය, සුහුරුපාය, සෙත්සිරිපාය සහ නුගේගොඩ යන ස්ථාන 6කදී සහනදායී එළවළු මල්ල මිලදී ගැනීමට හැකි වේග මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන 3කදී මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සහභාගීත්වයෙනි.

– ඩබ්ජේ.ඒ.එන්එස් ජයසූරිය

24,555 views

12 Comments to “වෙළඳපොළේ රුපියල් 700ක එළවළු මල්ල රුපියල් 350 ක සහන මිලට ජනතාවට.. කෘෂිකර්ම ඇමතිම බෙදයි..”

  1. sam says:

    This is great but makesure process is not loss making

  2. ත්‍රීවීල් says:

    මේවට කියන්නෙ අතීසාරයට අමුඩෙ ගහනවා කියලා,, මහින්දානන්ද වගේ පුද්ගලයෙකුගෙන් මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද එක අතකට.

    • sarath says:

      THREE weel. dan ohelata puduma sathutak neda thiyenne….?
      MR. OHELA GANAMA HITHALA GAWA GHAATHANAYA THAHANAM KARAPU
      EKA LOKU DEYAK.
      namuth wal harakungen janathaawata wena karadara nam wadi wenawa.
      kamak naha umbalata hari hondak wenawane….

    • Sathya746 says:

      ජවිපාවන් මෙරටින් තුරන් වේගන යනබවට ජීවමාන සාක්ෂියක් තමයි මේ ත්‍රීවීල් කුහකයාගෙ කොමෙන්ට්  එක.

  3. SL says:

    No losses for the gvt right?

  4. yuwan says:

    තමන්ට හිතවත් කීපදෙනෙකුට බෙදනවාට වඩා හොදයි හැමෝටම ගන්න පුලුවන් ක්‍රමයක් හැදුවනම්

  5. Bad says:

    බොරු වැඩ නොකර මුළු ලංකාවේ ජනතාවටම මිලදී ගැනීමට ක්‍රමයක් සැදීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි

    • නොදකිං says:

      ගවඝාතනය තහනම් කල නිසා ඔක්කොම මී හරක් එකපාරට තප්පුලන්න පටන් අරන්.😀 තමන්ගෙ අයට විතරක් දෙනවා නම් කොටුවෙ මරදානෙ නුගේගොඩ පොදු ස්ථාන වල විකුණනවද ගොන් හරකුනේ.. පඩ පාලනේ කාලෙ කටයි _කයි වහන් ක්‍රෝටන් කොල කකා හිටපු එවුන් දැන් එකපාරින් රට පුරා අඩු මිලට එලවලු කන්නයි කල්පනාව. අර බූරු පුතෙක් ඉන්නෙ පාලිමන්ට් එකේ උගෙ ගොන් රැල එක්ක උඩු බුරලන.. උන් දක්කන් ගිහින් ගොවිතැනක් කරන් වවාගෙන කාපල්ලා අඩු මිලට හාල්,පොල් එලවලු.

  6. SENA says:

    මහින්දානන්ද වගේ එවුන්ගෙන් අර කිව්WATH වගේ වෙන මොනවා බලාපොරොත්තු WENNADA.

    • DEEPAL says:

      සම්පූර්ණ ඇත්ත, මොනව හරි බලාපොරොත්තු වෙනවානම්,  බලාපොරොත්තු වෙන්ඩ පුලුවන් සජබෙ රිසාඩ් බඩඋඩදීන් වැනි උත්තමයන්ගෙන් තමයි. දෙන්ඩ දෙයක් නැතිවෙනකොට අඩුගානෙ පල්ලි වලට හොඳවයින් බෝම්බ ටිකක් හරි දෙයි.

  7. Aniwa says:

    Good job, please start these sales outlets in the other populous cities also in the country.

  8. Pol Buruwa says:

    People living in semi rural and Rural area has less earning capacity. This program should be concentrated on people who can afford their living and not have a fixed income. This is a showroom to show president that I have done a great work to uplift people lives. I hope HE GR will understand the realty.

Main News