වෙළඳසැලකට ගිනි තැබූ සැකකරු කොච්චියට පැන සිය දිවිනසාගනී..

January 14, 2020 at 2:06 am | lanka C news
වෙළඳසැලකට ගිනි තැබූ සැකකරු  කොච්චියට පැන සිය දිවිනසාගනී..

යාපනය කොඩිකාමම් ප්‍රදේශයේදී යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියට පුද්ගලයෙකු පැන සියදිවි හානිකරගෙන ඇතිබවට කොඩිකාමම් පොලීසිය පවසයි.

යාපනය කන්කසන්තුරෙයි සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියට පැන මෙසේ සිය දිවි හානි කොට ගෙන ඇත්තේ (12) දින යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ වෙළඳසැලට ගිනි තබා පලා ගිය පුද්ගලයා බවට කොඩිකාමම් පොලීසිය විසින් සැක පල කර සිටියි.

අදාල පුද්ගලයා 13 දින වෙළඳසැලට ඉන්ධන යොදා ගිනි තබන අයුරු අසල පිහිටි සී.සී.ටී.වී කැමරාවක සටහන් වී තිබූ අතර ඔහු සොයා පොලීසිය පරික්ෂණ ආරම්භ කොට තිබියදී මෙම අනතුර වාර්ථා වී තිබුණි.

කෝච්චියට පැන සිය දිවි හානි කරගත් පුද්ගලයාගේ සිරුර පරික්ෂා කිරීමේදී සිරුරට ගිනි තබාගැනීමටද උත්සහ දරා ඇති අතර සිරුරට ගිනි තබාගෙන දුම්රියට පැන්නේ දැයි යන්න සැක පල කරන බවද පොලීසිය පවසයි.

මෙසේ සිය දිවි හානිකොට ගෙන ඇත්තේ යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි රාජසේකරන් රාජසීලන් නැමති පුද්ගලයෙකු වන අතර ඔහුගේ මළ සිරුර කොඩිකාමම් රෝහල වෙතට රැගෙන ගොස් ඇති බවටද පරික්ෂණ සිදු කරන කොඩිකාමම් පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,727 Viewers