වෙළඳසැලකට පෙට්‍රල් බෝම්බයක් ගසා ගිනි තැබීමේ උත්සහයක් කාන්තාවක් වලක්වයි…

July 22, 2021 at 12:40 pm | lanka C news
වෙළඳසැලකට පෙට්‍රල් බෝම්බයක් ගසා ගිනි තැබීමේ උත්සහයක් කාන්තාවක් වලක්වයි…

යාපනය කන්කසන්තුරෙයි මාර්ගයේ කොකුවිල්, කුලප්පිඩි මන්සන්ධියේදී ඊයේ (21) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ඇඟලුම් වෙළඳසැලකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.

ඇඟලුම් වෙළඳසැලට යතුරුපැදියකින් පැමිණි පිරිසක් විසින් එකවරම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කොට පලා ගොස් ඇති අතර එම අවස්ථාවේදීම ක්‍රියාත්මක වූ ඇඟලුම් වෙළඳසැලේ හිමිකාරිනිය විසින් ගින්න දැක නිවාදැමීම හේතුවෙන් ඇඳුම් වෙතට ගින්න ව්‍යාප්ත වීම වැලකී ගොස් ඇත.

කෙසේ වෙතත් අදාල පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන් ගින්න නිවා දැමීමට ගත් උත්සහයේදී අදාල කාන්තාවට සුලු තුවාල පමණක් සිදුව ඇති අතර පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කල පිරිස් සොයා පරික්ෂණයක් අරඹා ඇතැයිද යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

23,522 views

3 Comments to “වෙළඳසැලකට පෙට්‍රල් බෝම්බයක් ගසා ගිනි තැබීමේ උත්සහයක් කාන්තාවක් වලක්වයි…”

  1. දර වලින් උයමු ගෑස් නැත says:

    අපරාදේ.. ඔන්න ඕක ගහපන් පිං පඩි අරන් රටට බරක් වෙච්ච් 225 න එකෙක් ගේ ගෙදරකට. මුන් කවුරු ආවත් පිනට කාලා කාලා ඒ මදිවට කොමිස්, ඩිල්, ටෙන්ඩර් වලින් උපරිමෙන් ගසා කාලා දැන් රට දුවන්න සල්ලි නැහැ, තෙල් ගේන්න ඩොලර් නැහැ ගෑස් ගෙන්න විදියක් නැහැ කියා කියා බය්ලා ගහනවා. රටේ කොහෙවත් රජයේ පාලන මිලට ගන්න ගෑස් නැහැ. අර හොර සිලින්ඩර් එක තියන් ඉන්නවා පරණ ගානටම. හාල් ගන්න නැහැ රු 120 ට අඩුව. වැඩක් ද ඉතින් මුන්ට පින් පඩි දීලා තියාගන්නේ. ඉතුරු හරියත් පිටකොටුවේ මුදලාලිලා ට කිව්වනම් ඉවරයි.

  2. සනත් ඉතාලිය says:

    දොරේඅප්පගෙ කාලෙ මතක් වෙනව අප්ප.

  3. ටිංකිරියා says:

    අපි නම් හිතාගෙන හිටියෙ යාපනය පැත්තේ ත්‍රස්තවාදය ඉවරයි කියලා. දැන් මේ කීවෙනි සිද්ධියද පසුගිය දින කීපයට? රනවිරු ඇමැතිලා නම් හෝ ගාලා ඉන්නවා. කෝ ඉතින් වැඩ?

Main News