වෙළඳසැලක් ගිනිගෙන විනාශ වෙයි…

January 20, 2019 at 2:06 am | lanka C news
වෙළඳසැලක් ගිනිගෙන විනාශ වෙයි…

කිලිනොච්චිය පොදු වෙළඳසැළ භූමියේ තිබු රසකැවිලි හා පලතුරු විකුණු වෙළඳ සැළක් හදීසි ගින්නක් හේතුවෙන් විනාශවි ඇති බව කිලිනොච්චිය පොලිසිය පැවසීය.

පොලීසිය පැවසුවේ ගින්නෙන් වෙළඳ සැළේ තිබු භාණ්ඩ විනාශ වි ඇති අතර, ගින්නට හේතු‍ව මෙතෙක් අනාවරණය කොටගෙන නොමැති බවටයි.

ගින්න සම්බන්ධයෙන් තොරතුරු ලද වහාම පොලීසිය හා කරච්චි ප්‍රාදේශීය සභා ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළද ගින්න මැඩ පවත්වන විටත් වෙළඳසැල තුල තිබූ සියල්ලක්ම විනාශවී ගොස් තිබූ බවට පොලීසිය පැවසීය.

අදාල ගින්න විදුලි කාන්දුවකින් හටගන්නට ඇති බවට සැක පළ කරන බව කරච්චි ප්‍රාදේශීය සභා ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් පැවසූහ.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

678 Viewers
Main News