වෙළඳසැලක් හදීසියේම ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශයි…

April 27, 2018 at 8:02 am | lanka C news
වෙළඳසැලක් හදීසියේම ගිනිගෙන සම්පූර්ණයෙන්ම  විනාශයි…

මුලතිව් සෙම්මලෙයි ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේදී කුඩා වෙළඳසැලක් හිදීසයේම ගිනි ගැනීමක් හේතුවෙන් වෙළඳසැල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවට මුලතිව් පොලීසිය කියා සිටියේය.

සෙම්මලෙයි ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කුඩා වෙළඳසැල තුල ඊයේ රාත්‍රිෙය් ඇතිව තිබෙන මෙම ගින්න එකවරම මුළු වෙළඳසැල පුරාම පැතිරී ගොස් ඇති අතර වෙළඳසැල ගිනි ගන්නා අවස්ථාවේදී වෙළඳසැල තුල සිටි වයෝවෘද්ධ කාන්තාවක් අසල මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු විසින් බේරාගෙන ඇත.

වෙළඳසැල තුල ඇති වූ ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මුලතිව් පොලීසිය වැඩිදුර පරික්ෂණයක් අරඹා ඇත.

3 views

One Comment to “වෙළඳසැලක් හදීසියේම ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශයි…”

  1. sinha le says:

    අපේ සිංහලේ රටේ මේ දෙමළ නම් සෙම්මලෙයි ලන්දේසින් දාපු නම් තහනම් කර පැරණි සිංහළ නම් බාවිතා කල යුතුය

Main News