වෙළඳ ස්ථානයක් ගිනි ගෙන විනාශයි.. ලක්ෂ ගණනක අලාභයක්..
February 13, 2019 at 5:30 pm | lanka C news
මන්නාරම,නගර මධ්‍යයේ පිහිටි පෞද්ගලික ව්‍යාපාරික වෙළඳ ස්ථානයක ඊයේ (12) රාත්‍රියේ හටගත් ගින්නකින් වෙළඳසැළ තුළ තිබු භාණ්ඩ රැසක් ගිනිගෙන විනාශ වී ඇති බවට මන්නාරම් පොලීසිය කියා සිටියේය.
නගර මධ්‍යයේ පිහිටි මෙම ව්‍යාපාරික ස්ථානයේ ඊයේ(12) රාත්‍රී 8.00 ට පමණ ගින්න හටගෙන තිබු අතරෙ ගින්න හේතුවෙන් වෙළඳසැළ තුල තිබූ ලක්ෂ ගණනාවක් වටිනා භාණ්ඩ තොගයක් විනාශ වී ඇති.
ගින්න සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පොලිස් නිලධාරීන් වෙත දැනුම්දීමෙන් අනතුරුව ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් යුද හමුදා නිදධාරීන් මන්නාරම නගර සභා නිලධාරීන් නාවික හමුදා නිලධාරීන් පැමිණ ගින්න නගරයේ අනෙක් ව්‍යාපාර ස්ථාන වෙත පැතිරයාම වැළැක්වීමට ජල බවුසර් මගින් කටයුතු කර තිබේ.
මන්නාරම දිස්ත්‍රීක්කයට ගිනි නිවන ඒකකයක් නොමැති බැවින් වවුනියාව නගර සභා ගිනි නිවීම් ඒකකය වෙත දැනුම්දීමෙන් අනතුරුව වවුනියාව ගිනි නිවිම් ඒකකය අදාල ස්ථානයට පැමිණෙන විට රාත්‍රී10.30 ට පමණ වී ඇති අතර ඒ වන විටත් ගින්න බොහෝ සෙයින් මැඩ පවත්වා තිබුණි.
මන්නාරම නගර සභා හා පොලිසිය සතු සාමාන්‍ය ජල බවුසර රථ යොදා ගනිමින් ගින්න පැතිරයාම වැළැක්වීමට කටයුතු කොට ඇති අතර ව්‍යාපාරික ස්ථානයේ ගින්න වවුනියාව ගිනි නිවීමේ ඒකකය විසින් නිවා දැමීමට පියවර ගෙන තිබුණි.
ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර ගින්නෙන් ව්‍යාපාරික ස්ථානයේ කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Aiyooooooooo Rishard ge da ?