විශේෂ අධිකරණයට ගෝටාභය පැමිණේ.. වේගයෙන් නඩු අසා තීන්දු දෙන්න සූදානම්.. මහින්දත් එයි.

September 10, 2018 at 10:00 am | lanka C news
විශේෂ අධිකරණයට ගෝටාභය පැමිණේ.. වේගයෙන් නඩු අසා තීන්දු දෙන්න සූදානම්.. මහින්දත් එයි.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා අද විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.

පසුගිය රජය සමයේදී ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමට රාජ්‍ය මුදල් භාවිතා කලේ යයි ගොනු කර ඇති පැමිණිල්ල අද එහි සලකා බැලේ.

නීතිපති විසින් ගොනු කර ඇති මෙම චෝදනාවට හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු වගඋත්තරකරුවන් කර ඇත.

මෙම ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ කැදවන දෙවැනි නඩුව මෙයයි.

මෙම අධිකරණ භූමිය වෙත මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාද පැමිණ සිටී.

112 views
Main News