වේදනාත්මක තීන්දු ගැනීම ඇරඹුවා… ඉදිරියට තවත් එනවා..- මහ බැංකු අධිපති

September 21, 2022 at 10:02 pm | lanka C news
වේදනාත්මක තීන්දු ගැනීම ඇරඹුවා… ඉදිරියට තවත් එනවා..- මහ බැංකු අධිපති

‘වර්තමාන අර්බුදකාරී වාතාවරණය තුළ තීරණ වලට එළැඹීම සමාජයට වේදනාත්මක වූවත් එහි පළමු පියවර ලෙස විදුලි, ඉන්ධන ගාස්තු ඉහළ දැමීම බදු ඉහළ නැංවීම ආදී තීරණ ගැනීමට හැකිවුණා. එහි දෙවන පියවර ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලිබල මණ්ඩලය වැනි ආයතන ප්රතිව්යුහගත කිරිමටද සිදුවෙනවා’ යයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

කොලඹ පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

‘අප විසින්ම නිර්මාණය කළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මකට අනුව වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අපේ ණයහිමියන්ට පෙන්වා දිය යුතුව තිබෙනවා.

එමඟින් ක්‍රියාත්මක වන සාර්ව ආර්ථික ප්‍රතිපත්ති හරහා අප නැවතත් ආර්ථික ස්ථායිතාවය ඇතිකර ගනිමින් පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ එන ආකාරය පෙන්වා දිය යුතු වෙනවා.

අපි මේ වැඩසටහනට අනුව ආර්ථික ස්ථායිතාවය ඇති කර ගැනීම සඳහා පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් තීරණ කිහිපයකට එළැඹීමට සිදුවෙනවා.

වර්තමාන අර්බුදකාරී වාතාවරණය තුළ එවැනි තීරණ වලට එළැඹීම සමාජයට වේදනාත්මක වූවත් එහි පළමු පියවර ලෙස විදුලි, ඉන්ධන ගාස්තු ඉහළ දැමීම බදු ඉහළ නැංවීම ආදී තීරණ ගැනීමට හැකිවුණා.

එහි දෙවන පියවර ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලිබල මණ්ඩලය වැනි ආයතන ප්රතිව්යුහගත කිරිමටද සිදුවෙනවා.

මෙලෙස ඉදිරිපත් කරන වැඩසටහන ඔස්සේ ඇත්තටම පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට අපට හැකියාව පවතින බව විශ්වාස කරනවා.

ඒ අනුව එළඹෙන සිකුරාදා දින මෙම වැඩසටහන අපේ ද්විපාර්ශික ණයහිමියන්ට හා ජාත්‍යන්තරයට ඉදිරිපත් කරනවා.

ඒ අනුව මෙම වැඩසටහනට ද්වීපාර්ශික ණය හිමියන්ගෙන් සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවයන් ලැබෙනු ඇති බව මගේ විශ්වාසයයි.

අදාල එකඟතාවයන් ලැබීමෙන් පසුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහාය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙනු ඇති.

හැමෝම අහන්නේ මේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න කොච්චර කාලයක් යයිද කියලා. ඒ සියල්ල තීරණය වන්නේ අපේ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ තීරණය මතයි’

162,388 views

46 Comments to “වේදනාත්මක තීන්දු ගැනීම ඇරඹුවා… ඉදිරියට තවත් එනවා..- මහ බැංකු අධිපති”

  1. දූෂිත මිනිසුන් says:

    විදුලි බිල වැඩි වූ විට විදුලිබල මණ්ඩලය ලාභ ලබයි. එතකොට මේක ඉක්මනට විකුනන්න පුලුවන්. පාඩු ලබන ආයතනයක් කිසිවකු මිලදී ගන්නේ නැත.බිල් වැඩිවීමේ සැඟවුණු අර්ථය මෙයයි.

  2. Dinu says:

    Hello Chief, don’t you have paining action plan to recover those robbed billions ?
    You are another cool crook safeguarding giant looters and pain only poor ?
    Find a safe house when next Aragalaya starts !

    • Moka says:

      Friend,
      He is not from CID 🤣

      • rona says:

        ‘when next Aragalaya starts’
        This will not happen. People have realized what price they have to pay for unnecessary civil disobedience promoted by JVP Peratu lot. Do you have any idea how dire the economic situation of SL?

        I think JVP Peratu is gone now. Follow Sajith & co; They are perfect for you. Fishing in muddy water; opposing every progressive step CB gov. takes

    • Nishantha says:

      Dinu,

      He’s the Governor of CBSL who’s reasonable to handle Monitory Policy of the country. He’s doing that job, very well.
      But, please note that he’s not the Head of CID.

  3. එහෙනම් කාටත් නොකියාම හනිමූන් ගිහිල්ල වගේ නේද ලොක්කෝ.... says:

    එහෙනම් කාටත් නොකියාම හනිමූන් ගිහිල්ල වගේ නේද ලොක්කෝ….මේ මාසෙවත් නිකන්ම මාරු වූවොත් පූස් තමා අයියා.

    • New System says:

      ලෙනින් පාර්ලිමේන්තුවට කිව්වේ ඌරුකොටුව කියලා.
      ඕකේ ලගින ඌරන් 225 පලවාහැර ඔය ඌරුකොටුව වසා දමා නව ලෝකයට ගැලපෙන වැඩදායක ශිෂ්ඨසම්පන්න ආයතනයක් නිර්මාණය කරගෙන රට ඉදිරියට ගෙන යමු.
      ඌරුකොටුවට බෑ මේ රටේ ප්‍රශ්ණ විසදන්න..

  4. Dracula says:

    Ohege Padiya nam Laksa 25 k kiyanawa neda ?

  5. gunapala says:

    වෙන දෙයක් බලා ඉමු

    • Name says:

      ඇයි උඹද දැන් අඩු පඩියට අධිපතිකම කරන්න යන්නෙ. පොල් බූරුවා.

  6. ලංකා says:

    ඇත්තටම කල යුත්තේ වැඩිපුර සේවකයින් ඉවත් කිරීම, ආයතනයට රටට දරාගත නොහැකි වරප්‍රසාද අඩු කිරීමයි. නැතුව ලංවිම සිපෙට්කෝ වල අසීමිත පඩි දීමනා දීල ලොකු එවුන්ට ඕනෙ තරම් කොමිස් ගහන්න දීල ඒ වියදමට හරියන්න බිල වැඩි කරන එක නෙමෙයි.

  7. ආලෝකය තමා තුළින් දැකීම,.! says:

    ආලෝකය තමා තුළින් දැකීම,.!

    සූර්‍යාගෙන් විදුළිය ලබාගැනීමට සැමට සහන සැළසිය යුතුයී,. රඡය මැදිහත්වී සමස්ථ බැංකුපද්ධතිය මෙහෙයවා සූර්‍යකෝශ සෑම වහළක් මත ස්ථාපිතකිරීම සඳහා මුළිකතවය ලබාදිය යුතුයි,.!

  8. අතුල says:

    උඹලා මොනවා කලත් රට ගොඩ ගන්න තොපිට බැහැ ඕවා ජාතික දේපොළ ඕවා ලාබ ලබන්න පුළුවන් රන්බිජු දමන කිකිලියෝ යකෝ..තොපි මේවා විනාශ කරලා අන්තිමට කරන්නේ තොපේ හෙන්චය්යෝ මේවා කුණුකොල්ලයට ගන්නවා උන් අරන් හොඳට හොයනවා… පාඩු නම් උන් ගන්නවද යකෝ ?

  9. Felix says:

    I think he should avoid giving such news, as he continues to act as a politician since his appointment is a political appointment. He should understand that he is a pensioner, getting his pension from the job he has done before he retired. Now he is getting a salary that too is entitled to another pension. That means he is a public servant and he has to do his job like any other government employee. He is not a fully expert or all-rounder, but he is a simple follower of IMF/WB, IF not he could have given such expertise when he was doing his job. So please do not entertain this man’s speech and news cut and let him to do his job.

    • Sarath says:

      ඉර්සියාව නේ.උඹ් කබ්බාද නැත්නම් ආරිටිගලද. බොරු වපුරන්නෙ.

  10. YJ says:

    මේ තත්වයට රට පත් කරපු අයටයි මෙහෙ වැඩි බරක් පැටවිය යුතුත්තේ. මුලින්ම කරන්න තිබුනේ පාඩු ලබන ඔය කියපු ආයතන වල හොරු ටික පන්නා දාමා ආයතන ප්‍රතිවියුහගත කිරිම තිලින් ආලභ නොලබන තත්වයකට මේ අයතයන ගෙන එම නිසාක් මේ උද්ධමනයෙන් හෙම්බත් වුන මේ අහිංසක ජනතාවට එහි බර විතැන් කිරිම නොවේ අතිපති තුමෝ

Leave a Comment

Main News