වේදිනිගන හිමි පැහැරගෙන ගොස් ඇත්තේ රතන හිමියන්..- තවත් හිමිනමක් සාක්‍ෂි දෙයි..

August 17, 2020 at 12:18 am | lanka C news
වේදිනිගන හිමි පැහැරගෙන ගොස් ඇත්තේ රතන හිමියන්..- තවත් හිමිනමක් සාක්‍ෂි දෙයි..

අපේ ජන බල පක්ෂයේ ලේකම් වන පූජ්‍ය වේදිනගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගියේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් බව ඒ හිමියන්ගේ මාධ්‍ය ලේකම් පුජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියෝ පවසති.

රතන හිමියන්ගේ වාහනයෙන් මෙම පැහැරගැනීම සිදු කර ඇතැයිද උන් වහන්සේ කියා සිටිති.

ජනාධිපති මුණගැසීමට යැයි දන්වා විමලතිස්ස හිමි රතන හිමි ගෙන්වාගත් බවත් ඉන් අනතුරුව පැහැරගෙන යාම සිදු කර ඇති බවත් චන්ද්‍රසිරි හිමියෝ වැඩිදුරටත් කියා සිටිති.

32,559 views

6 Comments to “වේදිනිගන හිමි පැහැරගෙන ගොස් ඇත්තේ රතන හිමියන්..- තවත් හිමිනමක් සාක්‍ෂි දෙයි..”

  1. Suranimala says:

    Mr. Rathana. You will be charged undet the law for abduction. Get ready to go to ආණ්ඩුවේ බෝඩිම. 👹
    බුදු දහම නියමෙටම පිළිපදිනවා වගේ. අත අරින්න එපා නූල් සුත්තර.

  2. චීවරයද vs සිවුරද ??? says:

    සිවුරක් දාන පුද්ගලයා තමන් ලඟ ඉන්න අයට දැනෙන්න සලස්වනවා තමන් බොහෝ චීවර ගුණ ගරුක බව . තමන්ව වැඳලම පිලිගත යුතු බව ආයාසයෙන් දැනෙන්නට අරිනවා අන් අයට.
    සිවුරක් නොදාන පුද්ගලයා හැමෝටම දැනෙන්න සලස්වනවා තමන් බොහෝ චීවර දහමේ ගරුක බව. වරදක් උනොත් දහමේ පිලිසරණ පතනවා පිලියමක් හොයන්නට.
    එකම වටපිටාවකින් එන, එකම මූලික අධ්‍යාපනයක් ලබපු දෙන්නෙක් ඇයි මේ දෙවිදියක්?
    මම ගොඩක් කල්පනා කළා. අන්තිමටයි තේරුනේ මොකක්ද වෙන්න ඇත්තේ කියල. වෙන හේතුවක් හොයාගන්නම බැහැ. හේතුව ‘ සිවුර ‘ !. ( චීවරය- නොවේ )

    මේවගේ අය කාලයක් ‘ සිවුර ‘ දැම්මම එකේ රස්නේ හදවතට වදිනවා. ඉතින් හදවත රත් වෙනවා. තණ්හාවට ඉතින් චීවරයේ ගුණ අමතක වෙනවා. වෛරය සිවුර තුල කිඳා බහිනවා!

    • SKF says:

      උඹ අමාරුවෙන් හේතුව හොයන්න උත්සාහ කරලා. ඒ නිසාම උබට උදවුවක් කරන්නම්.

      ත්‍රිපිටකයට අනුව භික්ශු, භික්ශුනී, උපාසක, උපාසිකා කියන සිවු වනක් පිරිස තුලම සන්ඝ ගණයට අයත් උතුමන් (සෝතාපන්න ආදී මාර්ග ඵලයන්ට පත්වූ උතුමන්) ඉන්නවා. සිවුරක් දරණ සියල්ලන්ටම පොදුවේ කියන නම භික්ශු / භික්ශුනී.

      සන්ඝ වර්ග 4යි.
      1.) භික්ශු සන්ඝ
      2.) භික්ශුනී සන්ඝ
      3.) උපාසක සන්ඝ
      4.) උපාසිකා සන්ඝ

      අපි පන්සලට ගොස් භික්ශුන්ට දානයක් දෙනකොට බුද්ධ ප්‍රමුඛ “භික්ශු සන්ඝ” පිරිසට දානයක් දෙනවා කියලා හිතෙන් හිතාගෙන, උපකල්පනය කරගෙන දෙන්නේ. එවිට අපට වන පින වැඩියි. නමුත් සියලු භික්ශුන් සන්ඝ නොවේ.

  3. අරුණ කුමාර දිසානායක says:

    රත්නේ දැන් ජනතාව පෙළ ගස්සනවා ගිඩි ගිඩි ගාල.දෙන්නම තක්කඩි.

  4. Kon Kanis says:

    Siwru galo la, munge Ake purin na ona.

  5. B4 UNP now Gota says:

    ගිහියන් ගෙන් රතනෙට ලගදීම කෑම ලෑස්ති වෙයි.

Main News