වේදිනිගම විමලතිස්ස හිමි ගැන ප‍්‍රබල ඔත්තුවක්.. ගුරු හිමියන් මාධ්‍ය හමුවක..

August 25, 2020 at 2:10 pm | lanka C news
වේදිනිගම විමලතිස්ස හිමි ගැන ප‍්‍රබල ඔත්තුවක්.. ගුරු හිමියන් මාධ්‍ය හමුවක..

අපේ ජන බල පක්‍ෂයේ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් කිසිම පාර්ශවයකින් පැහැරගෙන ගොස් හෝ අතුරුදහන් කර නැති බව එහිමියන්ගේ පැවිදි ගුරුහිමියන් පවසති.

අද පැවැති මාධ්‍ය හමුවකදී පූජ්‍ය හුණුපොලගම වජිර හිමියන් පැවසුවේ විමලතිස්ස හිමියන් අතුරුදහන් යයි මාධ්‍ය තුළින් හා සමාජ මාධ්‍ය තුළින් විශාල ප්‍රචාරයක් ගෙන යාමින් ඇති බවයි.

විමලතිස්ස හිමියන් අතුරුදහන් වී ඇතැයි කරන ප්‍රකාශ අසත්‍ය බවත් උන් වහන්සේ තමනට ඊයේ දිනයේ හමුවූ බවත් එහිමියෝ එහිදී කීහ.

පවතින තත්ත්වය මත ආරක්ෂාව පිණිස විමලතිස්ස හිමියන් වසන් වී සිටින බවත් තත්ත්වය පහව ගිය පසු සුදුසු අවස්ථාවේදී පෙනී සිටිනු ඇති බවත් වජිර හිමියන් පැවසූහ.

අතුරලියේ රතන හිමියන් හෝ ඥානසාර හිමියන් හෝ වෙනත් කිසිම පාර්ශවයකින් විමලතිස්ස හිමියන් සඟවා ගෙන නැති බව වගකීමෙන් ප්‍රකාශ කරන බවත් උන්වහන්සේ පැහැදිලි කලහ.

39,514 views

9 Comments to “වේදිනිගම විමලතිස්ස හිමි ගැන ප‍්‍රබල ඔත්තුවක්.. ගුරු හිමියන් මාධ්‍ය හමුවක..”

  1. වයි දිස් කොලවෙරි says:

    ගුරු හිමියනි, ගෝලයාව දැන් වත් පැවිදි කරන්න.

    • Jeewanee Kariyawasam , chilaw says:

      mata nam pansal yanna aththata lajjai .. pohottu sasane

      • 2015 මීහරකා says:

        ජම පාලනේට අාවඩපු රතන අහිමි සහ ඔහුගේ පිරිස.
        බලන් කඩතුරා හැර දෑසේ.
        🐮

      • වයි දිස් කොලවෙරි says:

        උබ මිනි මරල කැරලි ගහන්න උගන්වපු කාල් මාක්ස්ව අදහලා, ජවිපෙ මහ විරු දිනයට කැරලි ගහපු මිනීමරුවන්ට මල් තියල වැදපන්. උබට හොද දඩුවම.

    • Sirimal says:

      Well said

  2. kkuruwita says:

    වැඩේ මෙච්චර සරල නම් රතන හැංගෙන්නේ ඇයි. පොලිසියට කට්ටි පනින්නේ ඇයි. ගුරුවරයත් රතනගේ සල්ලි වලට යට වෙලා වත්ද ?

  3. mali says:

    it is upto the budda sasana minister to intervene now and stop this drama which is performing by Hoole with the aid of tamil diaspora for 2 intentions short term to prvent gnasara himi entering the parliament and long term to deviate sinhala buddhist from the temple and maha sanga.If this happens maha sangha will lose their grip from buddhist society as new generation get frustated looking at this dragging drama of mp position.Best thing is to discuss with mahanayake thera and cancel this mp position.

  4. Love nature says:

    හැන්ගි හැන්ගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එලියේ කිව්වලු!

  5. B. Anthony says:

    අපෝ මේ ආනන්ද බාළිකා විද්‍යාලයට ආචාර්ය ඊ ඪබ්ලිව් අධිකාරම් තුමා තම වැටුප පවා යොදවලා අරන් දීපු ඉඩම දූෂිත නිළධාරීන් එක්ක එකතු වෙළා මංකොල්ල කාපු හොර අපතයා නේද? උගේ ගෝලයෙක් නං ඉතින් ඒ වගේම ඇති. මුං බේද්ධයො නං ඇයි බුදුරජානන් වහන්සේගෙ ධර්මයේ පිහිටන්න බැරි.