වේදිනිගම හිමි මන්ත‍්‍රී ධුර හොරෙක්.. කොඩිය පක්‍ෂයෙන් විනය පරීක්‍ෂණ කැදවයි..

September 21, 2020 at 2:10 pm | lanka C news
වේදිනිගම හිමි මන්ත‍්‍රී ධුර හොරෙක්.. කොඩිය පක්‍ෂයෙන් විනය පරීක්‍ෂණ කැදවයි..

අපේ ජන බල පක්ෂයේ මහා සම්මේලනය අංක 615, නාවල පාර, රාජගිරිය, ශ්‍රී සද්ධර්මරාජික විහාරයේදී පැවැත්විණි.

එහිදී අපේ ජන බල පක්ෂයේ හිටපු ලේකම් වේදිනිගම විමලතිස්ස හිමි විසින් පක්ෂයට ලැබුණු මන්ත්‍රීධූරය සඳහා වංචනිකව ඒ හිමියන්ගේ නම මැතිවරණ කොමිෂන් සභාවට යෝජනා කිරීමට කටයුතු කිරීම හේතුකොටගෙන ඒ හිමියන්ට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වා පක්ෂයෙන් ඉවත්කළ යුතු බවට වන යෝජනාවක් ඒකමතිකව සම්මත විය.

අපේ ජන බල පක්ෂයට හිමිවී තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිමි විය යුතු බවත් ඒ සඳහා පක්ෂ සභාපති සමන් පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් පසු ඉල්ලා අස් වී පුරප්පාඩුව සඳහා ඥානසාර හිමියන්ව නම් කිරීම කලයුතු බවටත් වන යෝජනාවක් ද මෙම සම්මේලනයේදී සම්මත විය.

එරන්ද කේ නවරත්න
මාධ්‍ය ලේකම්

16,614 views

2 Comments to “වේදිනිගම හිමි මන්ත‍්‍රී ධුර හොරෙක්.. කොඩිය පක්‍ෂයෙන් විනය පරීක්‍ෂණ කැදවයි..”

  1. saman says:

    Good move

  2. සමන් පෙරේරා ඉල්ලා අස් නොවුනොත්?

Main News