වේගය පාලනය කරගන්න බැරිවුනු පොල් ලොරිය ඒ-9 මාර්ගයේ පෙරලෙයි… දෙදෙනෙකුට තුවාල…
February 11, 2019 at 2:05 am | lanka C news
යාපනය මහනුවඑ ඒ-9 මාර්ගයේ කනගරායන්කුලම් ප්රදේශයේදී පොල් ප්රවාහනය කරන ලද ලොරියක් පෙරලී යාමෙන් දෙදෙනෙකු තුවාල ලැබූ බවට කනගරායන්කුලම් පොලීසිය කියා සිටයේය.
යාපනයේ සිය වව්නියාව දෙසට ගමන්කොට ඇති මෙම පොල් පැටවූ ලොරිය වේගයෙන් ධාවනය කොට ඇති අතර එහිදී රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව ලොරිය මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඇති බවට පොලිසියට අනවාරනය වී ඇත.
ලොරිය පෙරලී යාමෙන් රියදුරුට හා සහයකයාට සුලු තුවාල ලබා රෝහල් ගත කොට ඇති අතර ලොරිය පෙරලී යාමෙන් ලොරියටද දැඩි හානි සිදුවී එහි තිබූ පොල්ද විශාල ප්රමාණයක් විනාශ වී ඇති අතර අනතුර සම්බන්ධයෙන් කනගරායන්කුලම් පොලීසිය පරික්ෂණ සිදු කරයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ