වෛද්‍යවරුන් විශාල පිරිසක් රට හැර යන්න ඉල්ලති.. සෞඛ්‍ය පද්ධතිය අවදානමේ…
June 21, 2022 at 1:20 pm | lanka C news
වෛද්‍යවරුන් විශාල වශයෙන් රට හැර යාමට සූදානම් වෙමින් අවසර ඉල්ලා සිටින බව රෝහල් අධ්යක්ෂවරු පැවසූහ.
දැනට රෝහල් සේවයේ යෙදී සිටින වෛද්‍යවරුන් විදේශ රැකියා සඳහා යොමු වීම හේතුවෙන් සෞඛ්‍ය පද්ධතිය විශාල කඩාවැටීමකට ලක්වීම නතර කළ නොහැකි බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය සන්තුෂ් සේනාපති සඳහන් කළේය.
මේ වන විට වෛද්‍යවරුන් විශේෂඥ වෛද්‍යවරුන්, හෙදියන්, පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් විශාල වශයෙන් විදේශගත වීමට පියවර ගනිමින් සිටින බැවින් රජයේ මැදිහත්වීම මත කිසියම් කාල සීමාවකට ඔවුන් විදේශ රටවලට යැවීමට කටයුතු කරන්නේ නම් රටට ඩොලර් ලැබීමක් සිදුවන නමුත් මේ වන විට මොවුන් තම පෞද්ගලික කැපවීම මත විදේශගත වීම හේතුවෙන් රටට ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන බවද නියෝජ්‍ය අධ්යක්ෂවරයා පැවසීය.
තමා ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් කීප දෙනකු ලබන සතියේදි විදේශ රටකට යාමට පියවර ගෙන ඇතැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේය.
ඔහු තවදුරටත් පවසා සිටියේ මෙරට සේවය කිරීමට තමා තවදුරටත් කැමැති නමුත් ඒ සඳහා සුදුසු වාතාවරණයක් රට තුළ නිර්මාණය වීම අවිනිශ්චිත බවය.
මේ අතර දන්තායතනයේ අධ්යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායනගෙන් අප කළ විමසීමේදී ඔහු සඳහන් කළේ විදේශීය රැකියාවන් සඳහා යාමට වෙද්‍යවරුන් සැලකිය යුතු පිරිසක් අවසර ඉල්ලා තමා වෙත පැමිණෙන බවත් මෙය මෙවැනි රටකට ඉතා අයහපත් තත්ත්වයක් බවය.
ශ්‍රියානි විජේසිංහ
– අරුණ
ඔගෝල්ලන්ගේ කට්ටියත් අරගලයේ ඉන්නවා , එගෝල්ලෝත් ගෙනියන්න , පිටරට ගිහිල්ලා සල්ලි වියදම් කරලා ඉගෙන ගෙන දොස්තරලාට රරස්සාවල් දෙන්න පුලුවන් එතකොට
බටහිර ඇලොපති උද්දච්ච හෙවත් ඖෂධ සමාගම් වල සේල්ස් රෙප් ලා වන මුං අතර පිටරට යෑම ට සුදුසු කම් ඇති දක්ෂ වෛද්‍ය වරු කිහිප දෙනෙක් සිටිති.
අනිත් උන් , වාට්ටු වලට වෙලා ටී වී බල බල අයිස් ගගහා ඉන්නා අයිස් පප්පන්ය, ලොකු ඩොකා ආවෙ නැත්තං ස්වාධීනව තිරණයක් ගන්න බය උන් ටිකකි. මුංට කරන්න පුලුවන් දෙයක් නැත, රට වල් වලින් අයිස් පප්පන් ගන්නේ නැත, ඖෂධ සමාගම් වල සේල්ස් රෙප් ලා වන මුං ට විවේඡනය ඇරෙන්න කරන්න පුලුවන් දෙයක් නැත
සැබෑ අධ්‍යාපනය යනු කුමක්දැයි නොදන්නා නූගත් මෙන්ම මෙරටින් එහා කිසි විද්වතෙක් හා කතිකාවක් ඇති කර නොගත් මෝඩ මෙන්ම ලිදේ ඉන්න ගෙම්බන් හා සමාන මිනිසුන් වුවද තමා කිසිවක් නොදන්නාවුවද ඔවුන් දන්නේ යැයි පෙන්වීමට දරන මේ තැත, පොහොට්ටුවේ නූගත් මෝඩයන් රට වළ පල්ලට යවමින් තමා යමක් දන්නවා යැයි ලෝකයට පෙන්වීමට දරණ අසාර්ථක වෑයම හා සම කල හැකිය.
You are exactly correct, 100% agree, These arrogant idiots can not work the professional way in European or western countries.
Let them to go.
Just because you know English you cannot be called educated. You probably don’t know that majority of psychiatrists in Uk are from Sri Lanka. Our doctors easily migrate to Australia after a special exam which can be done here in Sri Lanka.
රට යන්න ඔනේ අනිවර්යයෙන්ම මෙකෙ ඉදල බඩගින්නේ මැරෙන්නද?
සෙට් එකක් හිටිය නේද දොස්තරලට එහෙම රට යන්න බෑ ලේසි නෑ ගන්නැහැ පුහුණුව නෑ දැනුම මදි ඒකයි ලංකාවෙ ඉන්නෙ කියල. දැන් සතුටුද දන්නෑ උන්ට
යන එවුන් ගියදෙන් පුද්ගලික වෛද්‍ය විද්‍යාල අරම්භ කරමු. කාලකන්නි ජෙප්පො කුරුටුගාමි හැත්ත පන්නමු
බලාගෙන හිටපිය ගොන් හරකා උන් කෝටි ගාණක් දීලා උපාධි අරගෙන බංකොලොත් රටක තුට්ටු දෙකේ පඩියට අවම පහසුකම් එක්ක තොපි වගේ මොඩයන්ට පිනට බෙහෙත් දෙන්න එනකල්.