මුල්වරට මෙරට කොරෝනා ආසාදිතයෙකු ICU ඇඳක් නැතිවීමෙන් මරුට….

April 27, 2021 at 12:00 pm | lanka C news
මුල්වරට මෙරට කොරෝනා ආසාදිතයෙකු ICU ඇඳක් නැතිවීමෙන් මරුට….

මාවනැල්ල මූලික රෝහලේ වෛද්‍යවරයකුගේ සොහොයුරකු කොවිඩ් ආසාදිතව සිටියදී දැඩි සත්කාර ඒකකයක ඇඳක් නොමැතිව මියයාමේ පුවතක් මාවනැල්ල මූලික රෝහලෙන් ඊයේ 26 වැනිදා අනාවරණය වෙයි.

මාවනැල්ල මූලික රෝහලේ සේවය කරන මෙම වෛද්‍යවරයාගේ සොහොයුරාට 24 දා ඇති වුණ කැස්ස හා සෙම්ප්‍රතිශ්‍යාව නිසා ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල වෙත ගිය මොහොතේ කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇතැයි සැක කළ වෛද්‍යවරුන් ඔහුව පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමු කිරීමෙන් අනතුරුව එම රෝගියා අනෙක් රෝගීන්ගෙන් වෙන්කර ප්‍රතිකාර කිරීම ආරම්භ කර ඇත.

පෙරේදා 25 මෙම රෝගියාට ස්වසන අපහසුතා සමග තවත් සාංකූලතා ඇති වූ හෙයින් වහාම වෛද්‍යවරුන් හා හෙද කාර්ය මණ්ඩල එක්ව කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන් සඳහා ප්‍රතිකාර කෙරෙන දැඩි සත්කාර ඒකකයක ඇඳක් සොයා ගැනීමට උත්සාහ දැරූවත් එය අසාර්ථක වී ඇත.

රෝගියාගේ තත්ත්වය අසාධ්‍ය තත්ත්වයට පත් වී හෘදයාබාධ තත්ත්වයක් ඇතිව මියගොස් ඇත. පසුව කළ එක්ස්රේ පරීක්ෂණය මගින් ඔහුට නිව්මෝනියා තත්ත්වය ඇති වී තිබෙන බවට තහවුරු වී තිබේ.

කෑගල්ල මහ රෝහලේ කොවිඩ් ආසාදිත සංකූලතා ඇති දැඩි සත්කාර අවශ්‍ය රෝගීන් තිදෙනකුට අවශ්‍ය ප්‍රතිකාර කළ හැකි දැඩි සත්කාර ඒකකයක් පැවතියත් ඊට අවශ්‍ය කාර්ය මණ්ඩලවල අඩුවක් නිසා ක්‍රියාත්මක නොවෙයි. එම ඒකකයේ පවතින ඇඳන් තුන සඳහා අවශ්‍ය සියලු උපකරණ තිබියදීත් කාර්ය මණ්ඩල අඩුවක් නිසා එය වසා දමා තිබීම කොවිඩ් 19 ආසාදිත අසාධ්‍ය රෝගීන්ගේ ජීවිතවලට අවදානමක් බව සේවකයෝ පෙන්වා දෙති.

– aruna

119,922 views

21 Comments to “මුල්වරට මෙරට කොරෝනා ආසාදිතයෙකු ICU ඇඳක් නැතිවීමෙන් මරුට….”

  1. assnga says:

    well done Sir, What a mess for a Doctors brother to die without required facilities at the hospital he too work.
    If one Gama Samaga Pilisandra program stop, a complete ICU with 10 -20 beds could be constructed , a chartered civil engineer

  2. මාක්ස්වාදී ජෙප්පා says:

    අපේ පොහොට්ටු ආන්ඩුව ඉතින් පැණි ප්‍රොමෝට් කලා මිසක් අයි සී යූ ඇඳන් වැඩි කලේ නෑනෙ.

    • rakitha says:

      Awrurudu 72 k wadi nowee thibunu ICU andawal me anduwa awata passe wadi una. Hora kaapu suwapathi la hitapu ratak mehema yan ekath loku deyak. Lankawe nemei inne gon jeepo saha toiyo

  3. Choon pan says:

    Raspot Sir.

  4. Dharshana Abeykoon says:

    කුනු දතා සුව ඇමති සුවපති වෙලා හුරං කාපු සල්ලි වලින් මෙවාට ඇදවල් දෙන්ඩ තිබිබෙි නැද්ද හෙන ගහන වැඩ යකෝ

    • kd_vidu says:

      සර් අයෙත් පුවත කියවන්න.. පොට්ටුවෙ නෙද සර්?

  5. බයියා says:

    දැන් ලෙඩා මැරිලා තියෙන්නෙ ඇඳක් නැති නිසාද කාර්ය මන්ඩලය නැති නිසා ද ?

  6. කුඹුක්කණ් says:

    තවත් මෝඩ තර්කයක්
    ICU ඇදේ දැම්මම කොරෝනා හොඳවෙනවද?, මෙච්චර කල් 600 ක් මලේ ICU ඇද නැති නිසාද?

    කොරෝනා වලට ප්‍රතිකාරයක් නැති වෛද්‍ය ක්‍රමයකින් , මෙවන් හිත රවට්ටන විහිලු කතා ඇර වෙන කිසිවක් බලාපොරොත්තු විය නොහැක.

    දේශීය ආයුර්වේද වෛද්‍ය වරුන්ට මේ ලෙඩේට ප්‍රතිකාර කරන්න ඉඩ දීපියව් දැන්වත්
    මෝඩකතා කිය කිය මේ රටවනසන්නැතුව තවත්

    ඇලොපති උද්දච්ච වෛද්‍යවරුන්ට බෑ.. බැරි කමට වෙන වෙන ඒවා කියවන්න බැරුව බෑ කියලා පිලිගෙන වෙන ක්‍රමයකට ඉඩ දීපියව්

    • Nalin says:

      Tho hithaagena inne ICU eke karanne ande daalaa thiyenawa witharai kiyalada? Ane ammapa umba wage moda moosalayek. Tho aduma gaane ICU ekak dakala wath thiyeda booruwo. Thoge maha liku helu wejakama gaha ganin pupe.

      • කුඹුක්කණ් says:

        කියන සිංහල තේරෙන්නෙ නැති උඹට ICU ඇදකට යන්න ලැබේවා.

        එතනදි අමුතුවෙන් ලැබෙන කොරෝනා ප්‍රතිකාරය හෙවත් මහා මිත්‍යාව උඹටත් ලැබේවා

        • Nalin says:

          Mata kohoma wethath thota nam ikmanatama yanna wei wage. Mama nam vaccine eka aragenai inne. Dewani dose ekath ikmanatama gannawa. Tho ithin pani bibee hitapiya hon haraka. Etahkota ICU ekata yannath kalin kelinma wala kajjatams yanna puluwan wei thota.

    • රටට හිතැති says:

      කුඹුක්කණ් උබ ගෝටාභය ජනපතිතුමාට තරජනය කරනවද ගොබ්බයා?

    • මානෙල් කෝකිලා says:

      අමිල සංජීවයා ‘මගේ මිනිස්සු’ කිය කියා රටටම නොමිලේ බෙහෙත දෙනවා. හොර ආයුර්වේද කාරයො ඒක රුපියල් 6000 ට විකුණනවා.

  7. Gajaman says:

    සර් ඔය ගම සමග පිළිසදර වලට ගිහිල්ලා රටට මෝඩ චූන් දෙන්න නැතුව රෝහල් වලට ගිහින් අඩුපාඩුකම් හෙව්වොත් මක් වෙනවදගිහින් අඩුපාඩුකම් හෙව්වොත් මක් වෙනවද

  8. Para says:

    කොවිඩ් ආසාදිත අයට නෙලුම් කුලුණෙ පාට පාට බලුප් දාල පෙන්වමු. සංතෝසෙටම සනීප වෙනව…!!!

  9. Justin says:

    Rajapaksa hathikareta chandays dunna baiyan 69 lakshayama me rate hama seshtrayakama athiwee thiyena kedawachawalata waga kiva yuthui.

    • MD says:

      කලගුණ නොදත් මනුස්සයෝ ඵදා රාජපක්ෂල හිටිය නිසා තමයි අද කෝරෝනා හැදිල වුනත් දවස් 14න් ගෙදර ඵන්න පුලුවන් වුනේ.නැත්නම් පෙරියතම්බි නල්ලතම්බි සින්නතම්බිලාට යටවේලා බෝම්බ බැදගෙන ඵන ඵවුන්ට රට පාවාදෙන්න වෙනවා.මතකද?

  10. Pani Sumane says:

    Danapala baas unnahe Pani haduweth Mawanellata kittua gamaka wage mathkai. Ko me Saukya amathini saha niyojya amathi, amathinila?