වෛද්‍යවරයෙක් බිරියන් 05කට.. වෛද්‍යවරියක් සැමියන් 06කට කොරෝනා එන්නත් ගහලා.. කොලඹ ජාතික රෝහලේදී..

June 11, 2021 at 10:26 pm | lanka C news
වෛද්‍යවරයෙක් බිරියන් 05කට.. වෛද්‍යවරියක් සැමියන් 06කට කොරෝනා එන්නත් ගහලා.. කොලඹ ජාතික රෝහලේදී..

එක් වෛද්‍යවරයකුගේ බිරින්දෑවරුන් පස්දෙනෙක් තවත් වෛද්‍යවරියෙකු ස්වාමිපුරුෂයන් හය දෙදෙකුටත් කොරෝනා එන්නත් ලබා දී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.

එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ කොළඹ ජාතික රෝහලේ දී මෙම එන්නත්කරණය සිදුව ඇති බවයි.

වෛද්‍යවරුන් විසින් තම තමන්ගේ පවුල්වල සාමාජිකයන් ලෙස හදුන්වමින් 13000 කට එම ස්ථානයේ එන්නත්කරණය කළ බවද ඔහු කියා සිටියේය.

එමෙන්ම කොළඹ ආසන්න තවත් රෝහල් කිහිපයකම ඒ ආකාරයේ එන්නත් කරණ සිදු කර තිබෙන බවද පැවසූ ඔහු එසේ තිබියදී උණවටුනේ පමණක් සිදුවීමට පරීක්ෂණ කරන්නේ කුමන නීතියකින්දැයි ප‍්‍රශ්න කලේය.

පරීක්ෂණ කරන්නේ නම් සියලු ස්ථානයක් සම්බන්ධයෙන් පරීක්ෂණ කළ යුතු බවද ඒ මහතා පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

98,078 views

29 Comments to “වෛද්‍යවරයෙක් බිරියන් 05කට.. වෛද්‍යවරියක් සැමියන් 06කට කොරෝනා එන්නත් ගහලා.. කොලඹ ජාතික රෝහලේදී..”

  1. සමනා says:

    “කොවීඩි සම්බන්ධයෙන් වෙනත් අයෙකුට වඩා වෛද්‍යවරයෙකුට කළ හැකි දේ කුමක් ද?”- නලින්

  2. Nimal says:

    මේවාට මොනා කියන්නද කියලා හිතා ගන්න බෑ….. මෙහෙමත් අවිචාරමත් දෙවල්…

  3. NAK says:

    මට දැන් තමයි තේරෙන්නෙ ඇයි මෙී දොස්තරලා වෙන්න මෙච්චර දගලන්නේ කියලා. ඇයි බන් බිරින්දෑවරැ 5යි සැමියො 6 යි………මේක ලංකාවද නැත්නම් වෙනත් සුරපුරයක්ද?

  4. kawinda says:

    me rate paalakayek innwada..?

  5. මහ මොළකරු says:

    කොහේදෝ යන අට පාස් නැති දේශපාලුවෝ උන්ට ඕන ඕන අයට එන්නත ගහගන්වා නම් මේ වෛද්‍යවරුන් කොරෝනා රෝගීන් එක්ක හැමදාම ජීවත් වෙන අය ඒ අයගේ පවුලේ උදවියට ගහ ගත්තම මොකෝ

  6. Trueman says:

    I would not entirely blame them as they could argue that there is a risk involved in mingling with their loved ones on a daily basis and the virus can easily be passed on to those professionals.. It is what it is… But no excuse for freaking dodgy politicians’ families and their friends!!!

Main News