වෛද්‍යවරයෙකුගේ නිවසට ගල් ප්‍රහාරයක්… ‘ආවා’ කණ්ඩායම යයි සැක.. වෛද්‍යවරු නිහඩ විරෝධතා..

August 22, 2018 at 8:02 am | lanka C news
වෛද්‍යවරයෙකුගේ නිවසට ගල් ප්‍රහාරයක්… ‘ආවා’ කණ්ඩායම යයි සැක.. වෛද්‍යවරු නිහඩ විරෝධතා..

යාපනය කොකුවිල් ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුගේ නිවසට ගල් ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් ඊයේ (20) යාපනය මහරෝහලේ වෛද්‍යවරුන් පිරිසක් විසින් විරෝධතාවයක නිරත වූහ.

යාපනය මහරෝහලේ වෛද්‍යවරුන් පිරිසක් විසින් ඊයේ දහවල් කෑම පැයේදී විරෝධතාවයේ නිරත වෙමින් කියා සිටියේ වෛද්‍යවරයාගේ නිවසට ගල් ප්‍රහාරය එල්ල කල පිරිස් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙසටය.

කොකුවිල් ප්‍රදේශයේ පිහිටි අදාල වෛද්‍ය වරයාගේ නිවසට 19 වනදා රාත්‍රියේ නාදුනන පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් ඇති අතර ගල් ප්‍රහාරය හේතුවෙන් වෛද්‍යවරයගේ නිවසේ ජනෙල් වීදුරු පහකට හානි සිදුව ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.

කෙසේ වෙතත් ඊයේ රාත්‍රිය වන විට ගල් ප්‍රහාරය එල්ල කල බවට සැකකෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාපනය පොලීසිය විසින් පියවර ගෙන ඇති අතර ගල් ප්‍රහාරය ආවා කල්ලිය විසින් සිදු කරන ලද්දක් බවට සැක පල කරන අතරම ගල් ප්‍රහාරය එල්ල කරන ලද සෙසු පිරිස්ද අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවට යාපනය පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

83 views
Main News