වෛද්‍යවරයෙකුට කොරෝනා.. වාට්ටුවක් වසා දමයි.. කාර්ය මණ්ඩලය 25ක් නිරෝධායනයට..

November 3, 2020 at 3:50 pm | lanka C news

ත‍්‍රිකුණාමලය මහ රෝහලේ වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඒ හේතුවෙන් ඔහු සේවය කළ වාට්ටුව වසා දැමීමට කටයුතු කර ඇත.

එම වෛද්‍යවරයා කොළඹ කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කොරෝනා ආසාදනය හෙළි වීම හේතුවෙන් ඔහු කොළඹ ජාතික උණ රෝහලට යොමු කර තිබේ.

වෛද්‍යවරයා සමග ටයුතු කළ සෙසු වෛද්‍යවරුන් ඇතුළු 25 දෙනෙකුගේ පිරිසක් නිරෝධායනයට ලක්කර තිබේ.

කොරෝනා පරීක්ෂණ සදහා සඳහා මඩකලපුව ශීක්ෂණ රෝහලට ජීව සාම්පල යොමු කර ඇත.

9,615 views

4 Comments to “වෛද්‍යවරයෙකුට කොරෝනා.. වාට්ටුවක් වසා දමයි.. කාර්ය මණ්ඩලය 25ක් නිරෝධායනයට..”

  1. Dubba says:

    ත‍්‍රිකුණාමලය මහ රෝහලේ වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ
    ඔහු කොළඹ ජාතික උණ රෝහලට යොමු කර තිබේ.
    කොරෝනා පරීක්ෂණ සදහා සඳහා මඩකලපුව ශීක්ෂණ රෝහලට ජීව සාම්පල යොමු කර ඇත.

    රටේ හතර කොනම පාවිච්චි කරන්න තිබුනානම් කොච්චර හොඳද?

  2. බකට් හැරී says:

    මරණාධාර සමිතිවලට එක්කහු වෙන්නත් ඉඩ දෙන්න ඕනෑ

  3. මයික් පොම්පියෝ says:

    මුට්ටි හතරින් දෙකක පැන් ගංගා ජලයට මුහු වෙලා නෑ.. ඒකයි ප්‍රතිඵල පරක්කු.. ඉටිකොලෙන් කට සීල් කරලා ගඟට මුට්ටි දැම්මම පිරිත් පැන් ලීක් වෙන්නෙ නෑනේ..

  4. Saradiel says:

    ඉක්මන් සුවය පතමු බුදු සරණයි

Main News