වෛද්‍යවරුන් ඉංදියාවෙන් ගෙන්න අල පරිප්පු නොවේ.. මේ ආණ්ඩුව ගේන්න කැපවෙලා අද තැවෙනවා.. ඕන උනොත් ආණ්ඩුව පෙරලනවා..- වෛද්‍ය ආචාර්යවරිය බුකිය කළඹයි..
July 29, 2017 at 1:20 pm | lanka C news
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කතිකාචාර්ය විශේෂඥ වෛද්‍ය පබාසරී ගිනිගේ “සයිටම් විරෝධි ජන පවුර” අමතමින් විහාර මහ දේවි එලිමහන් රංග පීඨයේ කල කතාව ෆේස්බුක්හි අතිශය ජනප්‍රියව ඇතතේ එය ඉතා හැගිම්බර වීරත්වය පෙන්නුම් කරන ශ්‍රී ලාංකික කාන්තාවක් සිහිපත් කරන අවවාදත්මක කාතාවකි.
මෙහිදී ඇය විසින් වර්තමාන ආණ්ඩුවේ අධ්‍යපනය වෙනුවෙන් සීයයට 6% අයවැයෙන් වෙන් කරනවා කියා පැමිණි මේ වනවිට 2% කටත් වඩා අඩුවෙන් ලබා දෙමින් අධ්‍යාපනය අවශ්‍ය පහසුකම් කපා හරිමින් ගෙන යන වැඩපිළිවෙළ දෝෂාරෝපණය ලක් කලේ තමන් ඇතුළු කණ්ඩායමක් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වශයෙන් මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කිරීම සම්බන්ධව අද ලැජ්ජා විය යුතුය යයි යන්නය.
සයිටම් විරෝධි ජන පවුරට සහභාගි වී සිටි පිරිස එක දිගටම ඇයගේ කතාවට අත්පොලසන් දීම මෙහිදී විශේෂිතයි.