වෛද්‍ය ප්‍රතිකාරවලින් පසු බැසිල් රාජපක්ෂ යලි මෙරටට එයි..

February 25, 2017 at 8:02 am | lanka C news
වෛද්‍ය ප්‍රතිකාරවලින් පසු බැසිල් රාජපක්ෂ යලි මෙරටට එයි..

හිටපු ආර්ථික සංවර්ධනය කටයුතු පිලිබඳ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් යානයකින් ශ්‍රීලංකාවට පැමිණියේ ය.

ඔහු වසර දෙක්කට පසු තමා ප්‍රතිකාර ලබාගන්නා වෛද්‍යවරයා හමුවීමට යෑමට අවශ්‍ය අවසරය තම නීතිඥවරුන් මාර්ගයන් ගරු මහාධිකරණයෙන් ලබා ගැනීමෙන් පසු පසුගිය දා විදේශ ගත විය.

ඔහු විදේශගතව සිටින කාලයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් වරින් වර දුරකතනයෙන් ඔහුගේ වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධව සොයා බැලු අතර පොදු විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම පලාත් සභා පලාත් පාලන නියෝජිතයින් සමඟ ඒ කාලයේදී දුරකතන හරහා හිටපු අමාත්‍යවරයා නිරන්තරයෙන්ම දේශපාලන සම්බන්ධිකරණය කටයුතු කලහ.

41 views