වෛද්‍ය පීඨ සිසුනට අධිපීඩන ජල ප‍්‍රහාර.. 13ක් අත්අඩංගුවේ..

July 23, 2017 at 5:30 pm | lanka C news
වෛද්‍ය පීඨ සිසුනට අධිපීඩන ජල ප‍්‍රහාර.. 13ක් අත්අඩංගුවේ..

වෛද්‍ය ශිෂ්‍ය රයන් ජයලත් පැහැරගෙනයාමට උත්සහ කිරීම හා රක්ෂිත බන්ධනාගාරයේ සිටින සරසවි සිසුන් නිදහස් කරන්නැයි ඉල්ලමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් ඊයේ දිනයේ සිට කොලඹ ලිප්ටන් වටරවුමේ ආරම්භ කර තිබූ සත්‍යයග්‍රහයට පොලීසිය විසින් අධි පීඩන ජල ප‍්‍රහාරයක් එල්ල කර ඇත.

පොලීසිය සත්‍යග‍්‍රහයේ නිරතව සිටි සිසුන් පළවා හරිනු ලැබීය.

මේ තත්වය නිසා ලිප්ටන් වටරවුම ආසන්නයේ සියළු මාර්ග අවහිර වී දැඩි මාර්ග තදබදයක් ඇතිව තිබේ.

උසාවි නියෝග නොතකමින් සත්‍යග‍්‍රහ පැවැත්වූයේ යිය සරසවි සිසුන් 13 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

41 views
Main News