වෛද්‍ය ප‍්‍රතිකාර සාර්ථකව අවසන්.. ගෝටාභය යලිත් ලංකාවට.. ආ සැණින් සක‍්‍රිය දේශපාලන වේදිකාවේ..

June 14, 2019 at 2:10 pm | lanka C news
වෛද්‍ය ප‍්‍රතිකාර සාර්ථකව අවසන්.. ගෝටාභය යලිත් ලංකාවට.. ආ සැණින් සක‍්‍රිය දේශපාලන වේදිකාවේ..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාට සිංගප්පුරුවේදී සිදු කරන ලද වෛද්‍ය ප‍්‍රතිකාර සාර්තකව අවසන් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

වෛද්‍ය නිර්දේශ මත ඒ මහතා තවත් ටික දිනක් විවේකීව සිට ආපසු මෙරටට පැමිණීමට නියමිත බවත් මන්ත‍්‍රීවරයා පැවසුවේය.

මෙරටට පැමිණි පසු ගෝටාභය රාජපක්‍ෂ මහතා සක‍්‍රිය දේශපාලනයට සම්බන්ධ වීමට නියමිත බවත් මන්ත‍්‍රිවරයා තව දුරටත් කියා සිටියේය.

මීගමුව අධිකරණයේදී පැවති නඩුවක් වෙනුවෙන් පෙනී සිටීමට ගිය අවස්ථාවේ එහි සිටී මාධ්‍යවේදීන් අමතමින් වීරවංශ මහතා මෙම අදහස් පල කරන ලදී.

154 views
Main News