වෛද්‍ය වර්ජනයෙන් රජයේ රෝහල් අනාථයි..

November 30, 2016 at 12:40 pm | lanka C news
වෛද්‍ය වර්ජනයෙන් රජයේ රෝහල් අනාථයි..

අයවැය යෝජනාවලින් නිදහස් සෞඛ්‍ය සේවය කප්පාදු කිරීමට විරුද්දව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද දිනයේ රට පුරා රෝහල්වල එක්දින වැඩ වර්ජනයක් පවත්වමින් සිටී.

මේ හේතුවෙන් එම රෝහල්වල ප‍්‍රතිකාර සේවා නැවතී තිබේ.

කෙසේ වෙතත් රට පුරා බොහෝ පුද්ගලික රෝහල් මෙන්ම පුද්ගලික වෛද්‍ය වධ්‍යස්ථානයන්හි ප්‍රතිකාර සාමාන්‍ය පරිදි සිදුවන බවද වාර්තා වෙයි.

බොහෝ පුද්ගලික රෝහල්වල සේවය කරන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය නොකරන වෛද්‍යවරුන් වෙති.

31 views

11 Comments to “වෛද්‍ය වර්ජනයෙන් රජයේ රෝහල් අනාථයි..”

  1. sahan says:

    හරි ඉතින් ප්‍රයිවට් ඉස්පිරිතාල වල ඉන්නේ GMOA එකේ දොස්තරලා නෙවෙයි නේ. ඉතින් GMOA එකේ තීරණ ඒගොල්ලන්ට අදාල නෑ. හැබැයි GMOA එකේ දොස්තරලගේ ප්‍රයිවට් ඒවා නම් අද වහලා.

    • Porana says:

      හෘද ශල්‍යකර්ම කළ රෝගීන් 04ක් මරැ තුරැලට…..රාජිත ගෙත් හෘද ශල්‍යකර්මය මෙහෙ කළානම් රාජිතත් මරැ තුරැලට. සිංගප්පූරැවේ මව්න්ට් එළිසබෙත් එකෙන් මුදල් ගෙන මෙහෙ රෝගීන් මරවනවාදැයි සැකයි….

  2. ruwan says:

    All the GMOA idiots are working the private hospital. That is why we would like to continue the SAITM to privatize this work rather than going behind these idiots.

    • Dinesh says:

      බූරුවෝ.. තෝ හිතුවද ලංකාවේ පෞද්ගලික රෝහල් වල ඉන්න දොස්තරලා ඔක්කොම GMOA එකේ සාමාජිකයෝ කියලා? ඉස්සෙල්ලම උඹ GMOA කියන එකේ තේරුම හරියට දැන ගනින්. GMOA කියන්නේ Government Medical Officers Association නෙහොත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. ඒ කියන්නේ ඒකේ සාමාජිකයෝ වෙන්න පුළුවන් රජයේ රෝහල් වල වැඩ කරන වෛද්‍යවරුට විතරයි. පෞද්ගලික අංශයේ ඒ වුනාට රජයේ සේවයෙන් අයින් වෙලා පූර්ණ කාලීනවම පෞද්ගලික රෝහල් වල සේවය කරන හරි එහෙමත් නැතිනම් තමන්ගේම පෞද්ගලික සේවයක් පවත්වාගෙන යන දොස්තරලත් ඉන්නවා. ඒ වගේම රජයේ සේවයේ හිටියත් GMOA සාමාජිකයන් නොවන සුළු පිරිසකුත් ඉන්නවා. ඒ ඔක්කොටමත් වැඩිය රට පුරාම හොර දොස්තරලත් වැදි වැහැලා ඉන්නවා. ඉතින් GMOA එක ගන්නා තීරණ ඒ ගොල්ලන්ට අදාල වෙන්නේ නැහැ. ඒවා අදාල වෙන්නේ GMOA සාමජිකයන්ට විතරයි. සාමාජිකයන් නොවන අයට බලඵාම් කරන්න GMOA එකට අයිතියක් නැහැ. ඉතින් ඒ ගොල්ලෝ වර්ජනය වෙලාවෙදිත් පෞද්ගලික සේවාවන් පවත්වාගෙන ගියා කියලා GMOA එකට කරන්න දෙයක් නැහැ. හැබැයි GMOA සාමාජිකයන්ගේ පෞද්ගලික ප්‍රතිකාර අද නවත්වන්න ඕන නීතියේ හැටියට. එහෙම නොකරන කවුරු හරි දන්නවා නම් GMOA එකට කියපන්. එතකොට උන් ඒක ගැන බලා ගනීවි.

    • Gamini says:

      No you are completely wrong Mr idiot! Not all the GMOA members are involved in private practices and also all the doctors in private sector are NOT GMOA members.

    • Indika says:

      අනේ මෝඩයෝ දොස්තරලා මට්ටු කරන්න SAITM එකේ උන්ගෙන් බෙහෙන්ත් ගනවානම් මිනි පෙට්ටියත් උන්ගෙන්ම ගනින්. එස් 3 වත් ගන්න බැරි හැත්ත….දොස්තර වෙන්න. ඔබලා වගේ මෝඩයන්ට හොදා. රජයට කියපන් හරි පාරේ යන්න කියලා.

    • Reality says:

      මෝඩයෝ.. උඹ SAITM කාරයෝ ආවා කියලා දැනට ඉන්න දොස්තරලගේ ගණන් බස්සන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන ඉන්නවද? එහෙම නම් ඉතින් foreign graduatesලත් සල්ලි ගෙවලා තමයි ඉගෙන ගත්තේ. ඒත් ඒ ගොල්ලො සේවයට ආවම එකතු වෙන්නේ පොදු වෛද්‍ය ප්‍රවාහයටම තමයි බොල. එතකොට ඒ ගොල්ලො foreign graduates ද රජයේ වෛද්‍ය විද්‍යාල වලින්ද කියලා වෙනසක් නැහැ. සෑහෙන පිරිසක් GMOA සාමාජිකයෝ වෙනවා විතරක් නෙවෙයි ශාඛා සමිති වල නිල තල එහෙමත් ගන්න වෙලාවල් තියෙනවා. ඉතින් SAITM එකෙන් ආවත් කවදා හරි එච්චරම තමයි. ඒ විතරක් නෙවෙයි දොස්තරලට ඕන නම් ඔය නෙවිල් සීයගේ ඉස්පිරිතාලෙ part time වැඩ කරලා හරි SAITM එකේ උගන්නලා හරි අමතර ගානක් හොයන්න පුළුවන්. කවදා හරි තමන්ගේ ළමයෙකුට A/L පාස් වෙන්න බැරි වුනොත් SAITM එකට දාන්න පුළුවන්. දොස්තරලට ඒකෙන් වාසියක් මිසක් අවාසියක් වෙන්නේ නැහැ බොල. එහෙමත් තියාගෙන ඒකට විරුද්ධ වෙන්නේ ප්‍රමිතියක් නැතිව දොස්තරලා බිහි වුනාම රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන්න පුළුවන් අහිතකර බලපෑම නිසා.

      • Indika says:

        උබේ රියල්ටි ඔබට හොදා…foreign graduates කොමද බන් නිකන්ම පොදු වෛද්‍ය ප්‍රවාහයට ඉබේම එකතුවෙන්නේ…… රජයෙම් තියෙන විභාගය අනිවරෙයෙන් පාස් වෙන්න ඕනෑ. අනේ ඔබයි මමයි දන්න GMOA… අද ඉන්දියාවේ දොස්තරලට බටහිර රටවල පිළිගැනීමක් නැත්තේ…. ඔන්න ඔය වගේ SAITM කොන්දොස්තරලා හින්දා. වත්තේ හතර මායිම දැනගෙන කතා කරපන් රියල්ටි මල්ලි….”දැන කතරගම “

        • Reality says:

          මොකද බන් උඹ මේ නැට්ට පාගාගෙන කෑ ගහන්නේ? ඉස්සෙල්ලාම මගේ කොමෙන්ට් එක හරියට කියවලා තේරුම් අර ගනින්. කවුද බන් SAITM කාලකණ්ණි හොඳයි කිව්වේ? මම මෙතන උත්තර දීලා තියෙන්නේ මේ රුවන් කියන අපතයා වක්‍රාකාරයෙන් මතු කරලා තියෙන “GMOA දොස්තරලා SAITM එකට විරුද්ධ වෙන්නේ SAITM උන් ආවොත් පෞද්ගලික අංශයේ තියෙන තරඟකරීත්වය වැඩි වෙන නිසා” කියන බොල් තර්කයට උත්තරයක් විදියට. එහෙම නැතිව SAITM උන් හොඳයි කියලා නෙවෙයි.

  3. ranathunga says:

    විදේශ වෛද්‍ය උපාධි අරන් එන අය, ලංකාවේ වෛද්‍ය වරයකු ලෙස රජයේ ලියා පදිංචි වීමට වෛද්‍ය සභාවෙන් සිදු කරන විභාගයකින් (ලිඛිත සහ ප්‍රායෝගික) අනිවාර්යයෙන්ම සමත් විය යුතුයි. ඉන් පසු රජයේ රෝහලක විශේෂඥ වෛද්‍ය වරයකු යටතේ වසරක සීමාවාසික පුහුණුවකට යටත් විය යුතු සේම එයින්ද සමත් විය යුතුයි.
    නමුත් SAITM ඉල්ලන්නේ වෛද්‍ය සභාවෙන් සිදු කරන විභාගයක් නැතුව වෛද්‍ය වරයකු වීමටයි. මෙයින් සුදුසුකම් නැති අය වෛද්‍ය වරුන් ලෙස පෙනී සිටීමේ අවස්ථාව අප රට තුල ඇති වෙනවා. එයින්, ප්‍රතිකාර පිණිස එන රෝගීන්ගේ ජීවිත වලට අත් වන තත්වය අප කාටත් වටහා ගත හැකියි නේද.

    • Saman says:

      අපේ රටේ ඉන්න දොස්තරලත් එක්ක ඉරිසියාවෙන් පැලෙන කුහක ඇරියස් කාරයන්ට ඕවා කිවුවට වැඩක් නෑ මහත්තයෝ.

Main News