වෛද්‍ය ෂාෆිට විරුද්දව වද සැත්කම් පැමිණිලි 15ක්.. දැයේ මවුවරුන් පැමිණිලි දමන්නට අදත් පෝලිමේ..

May 27, 2019 at 12:40 pm | lanka C news
වෛද්‍ය ෂාෆිට විරුද්දව වද සැත්කම් පැමිණිලි 15ක්.. දැයේ මවුවරුන් පැමිණිලි දමන්නට අදත් පෝලිමේ..

රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරමින් ඇති කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන් විසින් තමනට වඳ සැත්කම් කර ඇතැයි සැක බවට පැමිණිලි 15 කට අධික ප‍්‍රමාණයක් මේ වන විට ලැබී ඇත.

ඉන් පැමිණිලි 04ක් ගොනු කර ඇත්තේ ඔහු සමග සේවය කල වෛද්‍යවරුන් විසිනි.

මේ අතර වෛද්‍යවරයාට විරුද්දව පැමිණිලි කිරීම සදහා කාන්තාවන් අද දිනයේදීද කුරුණෑගල රෝහල වෙත පැමිණ සිටින බව වාර්තා වෙයි.

මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්නා ලද්දේ සැකසහිත ලෙස අසීමිත දේපල උපයා ගැනීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමටයි.

250 views
Main News