වෛද්‍ය ස්ථාන මාරුවීම් ලේඛණය වැරදි ලෙස පළවීම ගැන රාජිතගේ නියෝගයෙන් පරීක්‍ෂණයක්..

November 4, 2016 at 2:05 am | lanka C news
වෛද්‍ය ස්ථාන මාරුවීම් ලේඛණය වැරදි ලෙස පළවීම ගැන රාජිතගේ නියෝගයෙන් පරීක්‍ෂණයක්..

2017 වෛද්‍ය ස්ථාන මාරුවීම් ලේඛණය වැරදි සහගත ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබි අඩවියේ පළවීම පිළිබදව කඩිනම් පරික්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛදය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතා වෙත නියෝග කර සිටියේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන ප‍්‍රධානීන්ගේ රැස්වීම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විනි. එහිදී ෙමි පිළිබද දිර්ඝ ලෙස සාකචිඡුා කෙරුන අතර, වෛද්‍ය වෘත්තීය සංගම් ස්ථාන මාරුවීම් ලේඛණය සකස් කිරීමට මැදිහත් වී ඇත්දැයි සෙවීමට ද පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දෙන ලදි.

මින් ඉදිරියට වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ලේඛණ සකස් කිරීෙමි දී වෛද්‍ය වෘත්තීය සංගම්වල  නිර්දේශ ලිඛිතව ලබාගන්නා ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දෙන ලදි. ඒ පිළිබදව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ අත්සනින් වෛද්‍ය වෘත්තීය සංගම් වෙත දැනුම්දීමට ද නියමිතය. තවද අමාත්‍යාංශ වෙබි අඩවියේ වැරදි සහගත ලෙස වෛද්‍ය ස්ථාන මාරුවීම් ලේඛණය ඇතුළත් කිරිමට අමාත්‍යාංශයේ නිලධාරින්ගේ සහාය ලැබී ඇත්දැයි සොයා බලන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දෙන ලදි. ස්ථාන මාරුවීම් පිළිබද තොරතුරු මාධ්‍යයට ලබාදීම පිළිබදව ද පරික්ෂණයක් පැවැත්වීමට නියමිතය. තව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට දැනුම් දුන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය විහිළුවකට ලක් නොකරන ලෙසයි.

2017 වසරේ ස්ථාන මාරුවීම් සදහා සුදුසුකම් ලත් වෛද්‍යවරුන්ගේ ලේඛණය යළී සකස් කිරීමට මෙහිදී තීරණය විය. මීට පෙර සකස් කළ ලේඛණයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ගේ නම් ද ඇතුලත් වී තිබුනි. ෙමි වනවිට එම ලේඛණය සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබි අඩවියෙන් ඉවත් කර ඇත. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත ෙමි පිළිබද පරික්ෂණ පැවැත්වීම සදහා ත‍්‍රීපුද්ගල කමිටුවක් පත් කිරීමට තමන් පියවර ගන්නා බවත්, සතියක් තුල එම වාර්තාව සෞඛ්‍ය අමාත්‍යවරයාට ලබාදෙන බවත්, සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතා සදහන් කළේය.

– නිපුන් ඒකනායක

0 views
Main News