වෛද්‍ය සාෆි සැත්කම් කලේ තනිවම නොවෙයි.. දුෂිත මාධ්‍ය එහෙම පෙන්නුවා..

June 12, 2019 at 8:02 am | lanka C news
වෛද්‍ය සාෆි සැත්කම් කලේ තනිවම නොවෙයි.. දුෂිත මාධ්‍ය එහෙම පෙන්නුවා..

රටේ ප්‍රශ්න ගැටළු ඇති වෙන්නේ පෞද්ගලික අවශ්‍යතා ඉටු කර ගැනීම සදහා දේශපාලන බලය අපහරණය කරන නිසා බවත් උසාවිය නිහඩයි චිත්‍රපටිය නැරඹීමෙන් අධිකරණය කොතරම් දූෂිතද යන්න අවබෝධ කර ගතහැකි බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ප්‍රකාශ කළේය.

දොස්තර සාෆි විසින් කරන ලද සැත්කම් ඔහු වෛද්‍යවරයෙක් ලෙස තනියෙන් කල බවට උලුප්පා දැක්වීම හේතුවෙන් එය ජන වර්ග අතර අසහනයක් ඇති වීමට හේතු වූ බවද පරණවිතාන මහතා මෙහිදී අවධාරණය කළේය.

පාස්කූ ඉරිදා ප්‍රහාරය මෙන්ම ඊට ඈදුනු තේරීම් කාරක සභාව හරහා රට මුහුණ දී තිබෙන වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ බව ප්‍රකාශ කල කරුණාරත්න පරණවිතාන මහතා වැඩිදුරටත් මෙසේද කීය.

මේ වෛද්‍යවරයා සම්බන්ධ ප්‍රශ්නය හෙළි වුණේ ජනමාධ්‍ය මගින් පල කරන ලද වාර්තාවක් මගිනුයි. එයින් පස්සේ මේ සම්බන්ධයෙන් විශාල මාධ්‍ය ව්‍යාපෘතියක් දියත් වුණා. මෙයින් සිද්ධ වුණේ තනි වෛද්‍යවරයෙක් උලුප්පා දැක්වීම හේතුවෙන් ජන වර්ග අතර අසහනයක් ඇති වීමයි. මේ වගේ වෛද්‍ය සැත්කම් තනි වෛද්‍යවරයෙක්ට කරන්න පුලුවන් කමක් නැහැ. ඒ නිසා මෙම සැත්කම් වලට සම්බන්ධ සියල්ලන් හෙළි කළ යුතුයි.

මේ තොරතුර හෙළි කරපු ‍ශෛලිය හරි ද වැරදි ද  යන්න සමාජ කතිකාවතක් ඇතිවිය යුතුයි. මාධ්‍ය මේ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කළ ආකාරය හරි ද. තාම මේ සිද්ධිය අධිකරණයකින් විභාග කරලා නැහැ. සාෆී වෛද්‍යවරයා කිසිදු අධිකරණයකින් වැරදිකරුවෙක් කරලාත් නැහැ. ඒ නිසා දැන් මේ සිද්ධියේ වැරදිකාරයා කවුද? පොලිසියද? වෛද්‍යවරයාද? මාධ්‍යද? කොහොම වුණත් සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් සමාජය තීන්දුවක් දීලා ඉවරයි. සමාජය එතනට තල්ලු කළේ කවුද? වත්මන් රජය ජන මාධ්‍ය නිදහස තහවුරු කළා. නමුත් මාධ්‍ය ආචාරධර්ම බිද වැටිලා තිබෙන බව දැන් පෙනෙන්නට තිබෙනවා.

අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක් කිව්වට එහි සාරාර්ථය අපි අරගෙන නැහැ. අපේ රටේ දේශපාලන සංස්කෘතිය හැදිලා තිබෙන්නේ පෞද්ගලික දෙවල් ඉටු කර ගන්නයි. ඒ නිසයි මෙවැනි ප්‍රශ්න ඇති වෙන්නේ. පෞද්ගලික දෙවල් ඉටු කර ගන්න දේශපාලන බලය අපහරණය කරනවා. යුක්තිය ඉටු කරන අධිකරණය පිරිහිලා. උසාවිය නිහඩයි චිත්‍රපටිය බැලුවොත් අධිකරණය කොච්චර දූෂිතද කියලා හිතාගන්න පුලුවන්. රාජ්‍ය අධිකරණය, රාජ්‍ය සේවය, මාධ්‍ය මේ සේරම දුෂිතයි. ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස, මානව හිමිකම් තහවුරු කරන්න අපි පසුගිය වසර හතරක්ම උත්සාහ කළා. අපේ මැදිහත් වීම් වලින් සමාජයට නිදහසේ හුස්ම ගන්න ලැබුණා. ඒත් සමාජයක් විදියට අපි ප්‍රඡාතනත්‍රවාදයේ සාරාර්ථය තේරුම් අරන් නැහැ යැයිද කරුණාරත්න පරණවිතාන මහතා ප්‍රකාශ කළේය.

– ජයකාන්ත ලියනගේ

82 views

36 Comments to “වෛද්‍ය සාෆි සැත්කම් කලේ තනිවම නොවෙයි.. දුෂිත මාධ්‍ය එහෙම පෙන්නුවා..”

  1. Kuma says:

    This is like a dentist removing a defective tooth. True many people around him, Nurse, Attendant etc. But can those helping people tell the dentist is removing the correct tooth. Only the doctor peeps in to the mouth
    If the doctor is not humble and genuine person, he can do any ham to the patient.
    Kuma

  2. Are you a gynecologist? Leave the medical experts to decide, you bastard.

Main News