වෛද්‍ය හේමන්ත හේරත්ට සමාව ගන්නැයි දන්වයි..

June 7, 2021 at 3:50 pm | lanka C news
වෛද්‍ය හේමන්ත හේරත්ට සමාව ගන්නැයි දන්වයි..

මාධ්‍ය සංවිධාන එකතුව විසින් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වෙත සියළු මාධ්‍ය වෙත පිටපත්ද සහිතව යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

2021. 06. 07
විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,
මාධ්‍ය ප්‍රකාශක,
සෞඛ්‍ය අමාත්‍යාංශය,
සුවසිරිපාය,
අංක 385, පුජ්‍ය බද්දේගම විමලවංශ හිමි මාවත,
කොළඹ 10.

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් ‘තර්ඩ් ක්ලාස් වැඩ කළ’ මාධ්‍යවේදීන් යැයි කළ අපහාසය සම්බන්ධයෙනි.

වෛද්‍ය හේමන්ත හේරත් මහතාණෙනි,

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් වැඩි දෙනා ‘තර්ඩ් ක්ලාස් වැඩ කළ මාධ්‍යවේදීන්’ බව හඳුන්වමින් ඔබ කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන එකතුව වශයෙන් අපි අපගේ බලවත් අප්‍රසාදය පළ කරන අතර, ජනතාවට මෙන්ම රටට සිදුවන අයහපත සම්බන්ධයෙන් වැඩ කිරීම නිසා ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වූ එම මාධ්‍යවේදීන්ට ඔබ කර ඇත්තේ බලවත් අපහාසයකි. නිග්‍රහයකි. ඉතිහාසය පුරා මාධ්‍යවේදීන්ට සිදුවූ අපරාධ (ඝාතන, අතුරුදහන් කිරීම්, ප්‍රහාර) සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොවී ඇත්තේ ද, ඔවුන් විසින් කළ කාර්ය භාරයන් වැළැක්වීම සඳහා, ඒවා හිතා මතා සැලසුම් කළ අපරාධයන් නිසා බව අපගේ විශ්වාසයයි.

ජූනි මස 03 වැනිදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ මූලික අදහස් දැක්වීමෙන් අනතුරුව, ඔබ කෝපයෙන් යුතුව මේ ප්‍රකාශය කර ඇත්තේ, එදින තේමාවට අදාළ නොවන ගැටලුවක් සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න කළ, මාධ්‍යවේදියකු ඉලක්ක කර ගෙන බව ප්‍රකාශ වේ. කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පෙනී සිටිමින්, අපරාධවලට ගොදුරු වූ මාධ්‍යවේදීන්ට ඔබ කර ඇති අපහාසය හා නිග්‍රහය සුළු කොට සැලකිය නොහැක්කකි. ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා හඩ නගන මාධ්‍ය ප්‍රජාව වන අප මෙන්ම ඔවුන්ගේ පවුල්වල සියලු දෙනා ද මෙයින් බලවත් හිත් රිදීමකට ලක් වී ඇත.

‘තර්ඩ් ක්ලාස් වැඩ’ සහ ‘ක්ලාස්’ සම්බන්ධ ඔබගේ නිර්වචනය ගැන කතිකාවකට යන්නට අපි බලාපොරොත්තු නොවෙමු. නමුත් මේ වන විට සමාජගත වී ඇති ඔබගේ ප්‍රකාශයෙන් අගතියක් සිදුවූ අපරාධවලට ගොදුරු වූ මාධ්‍යවේදීන් හා හිත් රිදීමට ලක්වූ ඔවුන්ගේ පවුල්වල අයගෙන් මෙන්ම මාධ්‍ය ප්‍රජාවගෙන් සමාව ගැනීම වගකිවයුතු නිලධාරියකු වශයෙන් ඔබගෙන් ඉටු විය යුතු යුතුකමක් සේ අපි සලකන බව මාධ්‍ය සංවිධාන එකතුව වශයෙන් කියා සිටිමු. එය අවධාරණය කරනු පිණිස මෙම ලිපිය සියලු මාධ්‍ය වෙත ද නිකුත් කෙරේ.

මාධ්‍ය සංවිධාන එකතුව

135,489 views

32 Comments to “වෛද්‍ය හේමන්ත හේරත්ට සමාව ගන්නැයි දන්වයි..”

  1. No One says:

    I feel both media and politicians are same. They are working on their own agenda. Rear benefits for the society.

    • සුහද මාවතේ - BOC -ගූ හීරළු -චාමර says:

      ඔය ජපානේ ටොයොට චොම්පනියේ ලොක්කා මගේ හොදම යාළුවා රජන්ගනේ-යය-7 කුබුරෙදී රෙවෙනකම් පිනට බොනවා
      මට කියන්ඩකෝ මම හොද වහනයක් සෙට් කරන්නම්.

      මල්ලී හවසට ඔයගානේ බොමුද

    • Pradeep says:

      සියට දාහක් එකගයි.

  2. Mahesh says:

    Ekneligoda kiyanne first class weda karapu ekakda?

  3. Ravana parapura says:

    හෙළ වෙදුන්ට කොරෝනාවට හෙළ ඔසු ලබාදෙන්න අකමැති උනේ මෙයා තර්ඩ් ක්ලාස් නිසා

  4. Vasantha says:

    සමහර මාධ්‍ය කාරයො ජඩකම් කරනවා. ඒගොල්ලො හිතාගෙන ඉන්නෙ රටේම වැඩකාරයො ඒගොල්ලො තමයි කියලා. අනේ අනිච්චම්

  5. Duminda says:

    මේ ලියපු ලියුම යටින් නිදහස් මාධ්‍ය සංවිධානය කියලා ලියන්න විදිහක් නෑ නේද?🤣 ොකද මාධ්‍ය නිදහස් නෑනෙ ,ඔක්කොම මුදලාලිලාටනෙ වැඩ කරන්නේ.

  6. Forimin says:

    මාද්‍ය කාරයෝ අතරත් ඉන්නවා උපන් ගෙයි තර්ඩ් ක්ලාස් අය.

  7. Weera Wija says:

    රටේ වැඩිහරියක්ම ඉන්නේ මාධ්‍ය මවන උන්. උන් මාධ්‍යවේදීන් ලෙස හදුන්වනවට වඩා මාධ්‍ය බාස්ලාලෙස හැදින්විය හැක. හොදින් බලන්න. දැනට ලංකාවේ ඇති මාධ්‍ය ආයතන වලින් 99%කම වැඩකරන උන් කරන්නේ උදේ වැඩට එනගමන් ජනේලෙන් දැකපු සිදුවීමක් ගැන පුටුව උඩටවී කථාන්තරයක් නිර්මාණය කිරීමය. සත්‍ය සිදුවීම වෙන දෙයකි. එහෙත් මාධ්‍ය වේදියා ලෙස පෙනීසිටින බැල්ලිගෙ පුතා ලියන්නේ ඌට අවශ්‍ය දෙයයි. මෙය ලංකාවේ පමණක් ඇති පහත්ම පහත ජඩ සංස්කෘතියකි. ඇත්තෙන්ම මෙවැනි මාධ්‍ය වෙදීන්යයි කියාගන්නා පරයන් වහාම සමාජයෙන් ඉවත් කල යුතුයි. පහුගිය සිදුවීම් දෙස බලන විට සිදුවී ඇත්තේ මෙයයි. ඒ අතින් මෙම දොස්තර මහතා නිවැරදිය. සමහර මාධ්‍ය බාස්ලා ඝාතනය වුවේ ඔවුන්ගේ කුපාඩිකම් වලට අනුගත වීමට ගොස්ය.

  8. Saman says:

    මාද්‍ය වේදින් හිතන් ඉන්නෙ උන් අලි එකෙන් ආව කියල . ගොන් ප්‍රශ්න අහන්නේ වැඩි හරියක් එවුන් . රටේ තියෙන තරම් කුණු ගොඩවල් අවුස්සල නිවුස් මවල මහ ලොකුවට සදාචාරය කියවන්නේ . දැන් ඉන්න එවුන් වැඩි හරියක් ngo කාරයො . වයසට යන කොට වැඩි හරියක් එවුන් හොදකරන්න බැරි ලෙඩ වලට ගොදුරු වෙලා දුක් විදිනව . කරපු පාප කර්ම තමයි .

  9. ගමරාළ says:

    100% ඇත්ත කියලා තියෙන්නේ ලංකාවේ ඉන්නේ සල්ලී වලට තම ආත්මගෞරවය පාවලා දුන්න හෙංවයියෝ රැලක් එකෙක් අලියා ට කඩේ යනවා අනිකා පොහොට්ටුවට කඩේ යනවා, තව පාහරයෙක් කොටියාට කඩේ යනගමන් රටට සුභවාදී වැඩකරන හැම එකාටම වැටෙන්නම ගහනවා, තව ආයතනය ක් කොට් සල්ලි වලටම අරන් තියෙනවා එහෙම බැලුවාම ඒ මනුස්සයා කියලා තියෙන එක හරි.

    • ද නිවූස් පේපර් says:

      (The news paper)ද නිව්ස් පේපර් Filmඑක බැළුවනම් මාධ්‍ය ගැන හොදින් අවබෝධ කරගත හැක.

  10. Manel says:

    Surprisingly, I have seen many analytical comments. I have to agree with most of them. Not many media people are educated, un biased and intelligent. Most of them are like pigs who tastefully eat garbage. No good for the country or society.

Main News