වොක්ස්වගන් ගැන තවත් ගජබින්නයක් මාට්ටුයි.. 2016දී Fortune Global 500 හත්වන තැනයි..

January 7, 2017 at 10:40 am | lanka C news
වොක්ස්වගන් ගැන තවත් ගජබින්නයක් මාට්ටුයි.. 2016දී Fortune Global 500 හත්වන තැනයි..

කුලියාපිටියේ දි ජනවාරි 3 වෙනිදා ආරම්භ කිරිමට මුල් ගල තිබු  මෝටර් රථ කර්මාන්තශාලාව  වොක්ස්වගන් කර්මාන්තශාලාව නොවන බව අගමැතිවරයා ඊයේ ප්‍රකාශ කලේය.

එයට ප්‍රධාන හේතුව එම සමාගමේ සභාපතිවරයා ලංකාවේ කර්මාන්තශාලාවක් ආරම්භ කිරිමට එකග වී තිබුනත් එම සමාගමට නඩු තියෙන නිසා එම සමාගම කැදෙව්වේ නැති බවත් එහෙම වුනා නම් වාහන නිෂ්පාදන කරන්න නොහැකිවන නිසා වෙන සමාගමක් කැදෙව්ව බවයි.

එහෙත් ලෝකයේ ඉහළම   සමාගම් World’s  Biggest Public Companies   100 අතර 2016 දි   වොක්ස්වගන් සමාගම 22 වෙනි ස්ථානයේ සිටින බවත් ලෝකයේ ඔටෝමොබයිල් ( මෝටර් රථ්) නිෂ්පාදකයන් අතර 2 වෙනි ස්ථානයේ එනම් ජපානයේ ටොයොටා සමාගම 1 වෙනි ස්ථානයේ  පසුවන බවත් ලොව සුපතල ෆෝබ්ස් Forbes පවසයි.  එමෙන්ම ලෝකයේ ෆෝචූන් සමාගම් 500 Fortune Global 500   අතරේ 7 වෙනි ස්ථානය (Link)2016 වසරේ දි හිමිකරගෙන සිටිLink

ජර්මනියේ වොක්ස්වගන් සමාගමේ පසුගිය වසරේ වෙළෙඳාම ඇ.ඩොලර් බිලියන 246 ක් වන අතර ලාභය බිලියන 7 දශම 1 කි  එහි වත්කම් වටිනාකම ඇ. ඩොලර් බිලියන 414කි ලොව සුපතල බෙන්ස් රථ නිෂ්පාදකයා වන Daimler සමාගම පසුවන්නේ  වොක්ස්වගන් සමාගමට පසුව 24 වෙනි ස්ථානයේය. ඒ අනුව ජර්මනියේ  වොක්ස්වගන් සමාගමේ පසුගිය වසරේ වෙළෙඳාම ලංකාවේ පසුගිය වසරේ දල ජාතික නිෂ්පාදනය වන ඇ. ඩොලර් 82 ට වඩා තුන් ගුනයකින් විශාලය.

නමුත් කුලියාපිටියේ දි ජනවාරි 3 වෙනිදා ආරම්භ කිරිමට මුල් ගල තිබු  මෝටර් රථ කර්මාන්තශාලාව සමඟ සම්බන්ධ සමාගම වන බටහිර අප්‍රිකාවේ ඝානා රාජ්‍යයේ 2009 වසරේ ලියාපදිංචි මෝටර් රථ අලෙවි කරන සමාගමක් වන  වෙස්ට්ර්න් ඔටෝමොබයිල් සමාගම  Western Automobile Centre Adamafio Rd, Lagos Ave., East Legon. Accra. GHANA අවම වශයෙන් ඝානා රාජ්‍යයේවත් ප්‍රධාන සමාගමක් නොවන බව ඝානාවේ විශාල සමාගම් 100 යේ ලැයිස්තුව (මෙතනින්)  අනුව පැහැදිලි වේ.

ඉහත කරුණු අනුව ජර්මනියේ  වොක්ස්වගන් සමාගම සම්බන්ධය අගමැතිවරයා කියු කරුණු  පැහැදිලි නොවන අතර බටහිර අප්‍රිකාවේ ඝානා රාජ්‍යයේ වෙස්ට්ර්න් ඔටෝමොබයිල් සමාගම යනු ලංකාවේ වාහන ආනයනය කොට  අලෙවි කරන ලබන ප්‍රධාන සමාගම් වලට අමතරව සිටින  අලෙවි කරුවන් 100 අතර  කුඩාම තත්ත්වයේ වාහන සේල් පොලකි. 

42 views
Main News