වොක්ස්වැගන් කියා මුලින් කිවුවට කුලියාපිටියේ හදන්නේ වොක්ස්වැගන් නොවෙයි.. කාර් හදන්න සියල්ල සූදානම්..
March 9, 2019 at 12:00 pm | lanka C news
කුලියාපිටියේ ඉදි කරමින් ඇත්තේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් නොවන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.
මුලින් වොක්ස්වැගන් කතාවක් කියුවද එහි ඉදි කරන්නේ මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් යයිද ඒ මහතා සදහන් කරයි.
නමුත් එහි වර්ගය කුමක්දැයි ප්‍රශ්නයක් නැති බවත් වොක්ස්වැගන්ම අවශ්‍ය යයි ඉල්ලන්නේ නැති බවත් ඔහු පැවසීය.
දැනට කර්මාන්ත ශාලාවේ පුහුණු කිරීමේ මධ්‍යස්ථානය ඉදි කර අවසන් බවත් තවත් අක්කර පහක ප්‍රමාණයක් ඔවුන් ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා තව දුරටත් කීය.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ එජාප මුලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිවි.
2015 මුල ජනාධිපතිවරණෙදි තමය් චන්ද දායකයො අන්දන්න හර්ෂාචාරියා සහ ජර්මන් තානාපතියා කිව්වෙ වොක්ස්වාගන් හදන කර්මාන්ත ශාලාවක් ලංකාවෙ ඉදි කරනව කියන පචය ඇදබෑවෙ. දැන් 2019 දි වසර හතරකට පස්සෙ නලීන් බන්ඩාර කියනවා පුහුනු කිරීමෙ ශාලාව හදල ඉවරලු ඇසෙම්බල් කරන ශාලාව හදන්න තව අක්කර පහක් ඕනලු. හැබැය් වොක්ස්වාගන් නෙවෙය්ලු. හැප්පිච්ච කාර් දෙකට තුනට හතරට කපලා කෑලි ගෙනත් ඔරිජිනල් නමින් අමුනන එකටත් කියන්නෙ ඇසෙම්බල් තමය් හරකො. මොකක්ද නමත් නැති ඕකෙ වෙනස? හා කියපන් බලන්න බන්ඩාරයො.
ඒ කර්මාන්ත ශාලාවේ පොඩි කෑල්ලක් බ්‍රේස්ලට් හදන්නත් වෙන් කරන්න පුලුවන්ද ආයිබෝං?
ලබන සැරේ වත් බ්‍රේස්ලට් එකක් ගන්න පුළුවන් වුනොත් ලොකු දෙයක්.
මාත් ආසයි බ්‍රේස්ලට් එකක් දාගෙන පුස් බයිසිකලේ ගම වටේ යන්න.
පුස් බයිසිකලේ නොවෙයි යකෝ, බ්‍රේස්ලට් එකක් දාගෙන ෆ්‍රී වයි ෆයි එකෙන් අයි ෆෝන් එකට දාගත්තු ජී පී එස් එකෙන් පාර හොයාගෙන කෙල්ලත් අරන් පාක් එක හොයාගෙන පලයන් මචන් අර දීපු පුන්චි කාර් එකේ. … මතක ඇතුව කෙල්ලට කියපන් ලෝකයේ හොඳම මේඩ් ඉන් ස්‍රී ලන්කා ජන්ගියක් අදින්න කියල.
කියනකොට එහෙමයි. කරන කොට මෙහෙමයි..