වොක්ස්වැගන්, ගූගල් බැලූන්වලින් පසු ‘අලිබබා’ ගෙනේ..
January 20, 2017 at 10:40 am | lanka C news
ලෝ ප්‍රකට ‘අලිබබා’ චීන සමාගම ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සදහා කැමැත්ත පල කර ඇති බව වාර්තා වෙයි.
අලිබබා සමාගම අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා ලබා දෙන ලොව මුල් පෙලේ සමාගමකි.
අලිබබා සමාගමේ සභාපති ජැක් මා සහ මුදල් ඇමති රවි කරුණානායක අතර ස්විස්ටරලන්තයේ ඩාවෝස්හිදී පැවති සාකච්චාවන්හිදී මෙම එකගතාවයට පැමිණ ඇති බව රජයේ මාධ්‍ය වාර්තා කරයි.
2017 ලෝක ආර්ථික සමුළුව පැවැත්වෙන ඩාවෝස් නුවරට ශ්‍රි ලංකා අගමැතිවරයා ඇතුළු පිරිසක් සහභාගී වෙති.
මීට පෙරද ලෝ ප්‍රකට වොක්ස්වැගන් සමාගම කුලියාපිටියේදී සිය ශාඛාවක් ආරම්බ කල බවත් ගූගල් සමාගමේ බැලූන් ව්‍යාපෘතියෙන් රටටම නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දෙන බවත් රජය විසින්ම නිවේදනය කරනු ලැබීය.
අද චීන්නු කොන්ඩෙ බැඳල නැහැ. ඉතින් චීන අලි බබාල දෙමල අලි හොරාට අන්දන්න බැහැ.
අලිබබා ආවා කියන්නේ හොරු හතළිහත් දැන් ගේ ඇතුලේ තමයි….!
නැ නැ දැන් හොරු හතලිය ඉන්නවානේ අඩු අලිබබා විතරයි නේ ඔන්න යන්තම් මගේ මේ ගමනේදී හොයා ගත්තා අලිබබාව.
Mewa enawanam hodai..think positive..
is it green elephant babes (unp)
හොරු හතලිහ දැනටම ආණ්ඩුවේ ඉන්න නිසා අලි බබා එන එක සුදුසුයි කියල මමත් හිතනවා.
Karunkababa meeting Alibaba. Ha..ha..
Welcome Alibaba, more than 40 thieves are available in the Cabinet