වොක්ස්වැගන් නොඑන බව කියද්දීත් කාර් ෆැක්ටරිය හදන්න කෝටි 70ක ඉඩමක් වෙන් කර ගනී..

September 14, 2016 at 5:42 pm | lanka C news
වොක්ස්වැගන් නොඑන බව කියද්දීත් කාර් ෆැක්ටරිය හදන්න කෝටි 70ක ඉඩමක් වෙන් කර ගනී..

ජර්මානු වොක්ස්වැගන් මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව ඉදිකිරීමට මේ වන විට කුලියාපිටිය මහනුගලන්ද වත්තෙන් අක්කර 30ක භූමියක් වෙන් කර ඇති බව කුලියාපිටිය  ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය කියයි.

මෙම ඉඩම මහා භාරකාරයට අයත් බවත් ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් මෙම වෙන් කිරීම සිදු කර ඇති බවත් ඔවුන් පවසයි.

දැනටමත් එම ඉඩම් කොටස ගැසට් නිවේදනයකින් බාරදී ඇති අතර    මෙම ඉඩමේ තක්සේරු වටිනාකම රුපියල් මිලියන 700ක් වෙයි.

මේ අතර පසුගියදා රාජ්‍ය ඇමති එරාන් වික‍්‍රමරත්න මහතා කියා සිටියේ වොක්ස්වැගන් සමාගම මෙරට කර්මාන්ත ශාලාවක් ආරම්භ නොකරන බවයි.

කෙසේ වෙතත් ආයෝජන මණ්ඩලය දැනට මාස කිහිපයකට පෙර වොක්ස්වැගන් මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සදහා සෙනොක් ඔටොමොබයිල් සමාගම සමග ගිවිසුමකට එළැඹින.

27 views
Main News