වොක්ස්වැගන් ෆැක්ටරිය ජනවාරියේ පටන් ගන්නවා..

December 3, 2016 at 6:48 pm | lanka C news
වොක්ස්වැගන් ෆැක්ටරිය ජනවාරියේ පටන් ගන්නවා..

ජර්මානු වොක්ස්වැගන් සමාගම විසින් මෙරට ඉදිකරන කර්මාන්ත ශාලාව ජනවාරි 03 වැනි දින කුලියාපිටියේදී ඉදිකරීම් ආරම්භ කරන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මෙම කර්මානත ශාලාව ඉදිකිරීමෙන් පසු මෙරට තරුණ තරුණායන්ට සෘජු හා වක්‍ර රැකියා රාශියක් ඇති වන බවත් මෝටර් රථ තාක්ෂණ දැනුම ලබාගැනීමටද තරුණ ප්‍රජාවට අවස්ථාව ලැබෙන බවද ඒ මහතා සදහන් කරයි.

ඇමතිවරයා මේ අදහස් පල කලේ කුරුනෑගලදී පැවති ජනහමුවක් අමතමිනි.

64 views
Main News