වොඩ්කා බෝතලයේ තිබුනේ ඇල්වතුර.. කඩුපොලු තිබුනේ පුතාට ගහන්න ගෙනාපුවා.. පුතාගේ අනතුර ගැන රංගෙ බණ්ඩාර පච විදී..

June 10, 2018 at 7:37 am | lanka C news
වොඩ්කා බෝතලයේ තිබුනේ ඇල්වතුර.. කඩුපොලු තිබුනේ පුතාට ගහන්න ගෙනාපුවා.. පුතාගේ අනතුර ගැන රංගෙ බණ්ඩාර පච විදී..

තම පුත් යශෝධ රංග බණ්ඩාර අතින් සිදු වූ රිය අනරතුර සම්බන්ධයෙන් මාධ්‍ය විසින් චිත‍්‍රපටයක් නිර්මාණය කර ඇති බව රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර මහතා පවසයි.

බීමතින් රිය පැදවූයේ යයා මාධ්‍ය විසින් වාර්තා කලත් වොඩ්කා බෝතලයේ තිබුනේ බොන්න ගෙනගිය ඇල් වතුර යයි ඇමතිවරයා කියයි.

වාහනයේ තිබී හසු වූ කඩු පොලු වෙනත් පාර්ශවයක් විසින් තම පුතු ඇතුළු පිරිමට පහර දීමට ගෙන ආ ඒවා යයිද ඔහු කියයි.

කෙසේ වෙතත් පොලීසිය විසින් ඇමති පුත‍්‍රයා අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ බීමතින් රිය පැදවීම, කඩුවක් සන්තකවෙය් තබා ගැනීම, රාජ්‍ය දේපල අවභාවිතය ඇතුළු චෝදනා කිහිපයක් මතයි.

එමෙන්ම එම අනතුර සිදු වෙද්දී ඒ ආසන්නයේ කිසිම කලහකාරී සිදුවීහක් ගැව පොලීසිය වාර්තා නොකරයි.

326 views

35 Comments to “වොඩ්කා බෝතලයේ තිබුනේ ඇල්වතුර.. කඩුපොලු තිබුනේ පුතාට ගහන්න ගෙනාපුවා.. පුතාගේ අනතුර ගැන රංගෙ බණ්ඩාර පච විදී..”

  1. මාධ්යවේදියෙක් මෙසේ ප්‍රශ්න කරයි. තුමා පිළිතුරු දෙයි

    ප්‍ර: පුතා බීලා නෙවේද ඵ් අවස්ථාවෙ හිටියේ?
    පි: අනේ නෑ, ඵයා බොනවා තියා අරක්කු දැකලවත් නෑ.
    ප්‍ර: එයා මහ රෑ කොහේද ගියේ?
    පි: එයාට මාධ්ය ලේකම් හැටියට වැඩ වැඩි නිසා ඵ් හෝටලේ තිබුණ පාටිඵක මං වෙනුවෙන් ඕපන් කරලා ඉක්මනටම තව රාඡකාරීයකට යන්න ගිය ටිකටනේ ඔය අපරාධෙ උනේ.
    ප්‍ර: එතකොට වාහනේ ඇතුලේ කඩුවක්,විකට් කූරක්,වොඩ්කා බෝතලයක් තිබුණා නේද?
    පි: ඵයා ආණමඩුව ප්‍රදේශයේ ජනතාවගේ සුහදතාවය වර්ධනය කරීම උදෙසා ක්‍රිකට් තරඟයක් පවත්වන්න යොදාගෙන තිබුණා, මගේ අසරණ කොල්ල ලඟ එක විකට් කූරයි තිබුණේ,ඒ අසරණයට තව විකට් කූරු 5ක් අඩුවෙලා තිබුණේ,ඒක ගන්නවත් සල්ලි තිබුනේ නෑ ඌ ලඟ.අඩු විකට් කූරු පහ කැලෙන් කපාගන්න ඕනෑ නිසා කඩුවයි,මිම්ම ගන්න විකට් පොල්ලයි තමා ඒ වාහනේ ඇතුලේ තිබුනේ. එයා වේගෙන් එන්න ඇත්තෙත් ඔය රාජකාරිය ඉෂ්ඨ කරන්න වෙන්න ඇති කියලයි මම හිතන්නේ.හික්..හික්… හික්… මගේම පුතානේ. ඔයාලට ඔය සරල දේවත් තේරුම් ගන්න බැරිද.
    ප්‍ර: එතකොට අර වාහනේ තිබුණ වොඩ්කා බෝතලේ?
    පි: මම කලිනුත් කිව්වනේ,ඒකේ තිබුණේ වතුර කියලා හත් දෙයියණේ,මේ පලාතේ වකුගඩු අමාරුව තියෙන නිසා පුතා උණුකරල නිවාගෙන හොඳින් පෙරාගත්ත වතුර,වොඩ්කා බෝතලේට දමාගෙන ගියේ ක්‍රිකට් මැච් ගහන මහජනතාවට බොන්න දෙන්න.
    ප්‍ර: එතකොට අර අලාභානි වුන ගේ හදාගන්න ඒ අසරණ මිනිස්සුන්ට ඔබතුමා උදව්වක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවද?
    පි: අනේ මන්ඳා මට හිතාගන්නවත් බෑ,වාහනෙත් රජයේ එකක් උනානේ,ගෙවල් අයිතිකාරය අපේ පක්ෂෙ කෙනෙක්ද කියල බලල තමයි තීරණය කරන්න වෙන්නේ. මීට ඉස්සර වෙලා පුතා අතින් වෙච්ච ඇක්සිඩන්ට් වලදිත් ඵයාලට සල්ලි දුන්නත් පුතාට තියෙන ආදරේට ගත්තෙම නෑ මං හිතන්නේ.මට හදිසි රැස්වීමකට යන්නත් තියෙනවා මම ගිහින් එන්නම් වෙන මොනවත් ප්‍රශ්න නෑනේ එහෙනම් මං ගියා……

    .

  2. ආරච්චිකට්ටුව පොලිස්ථානාධිපතිට අපේ උපහාරය.කාටවත් නොනැමී නීතිය අකුරට ඉටු කලාට.බය වෙන්න එපා කෑගැහුවට, තප්පුලෑවට. අකුරට වැඩ කලොත් ඡනතාව ඔබ සමගයි.නිර්භීතව රාඡකාරිය කිරීමට ඔබට අපගේ ආශිර්වාදය.

  3. හොඳ හොඳ දේවල් එළිවෙන ඡාමෙට කියනවලුනේ.හෝටලේදිත් බිල සම්බන්ධයෙන් කචල් එකක් දාගෙන, මැනේඡ්මන්ට් එකටත් පාට් එකක් දාලාලු ඇවිත් තියෙන්නේ.තව කැඩිච්ච විස්කි බෝතල් දෙකුත් වාහනේ තබුනා කියලා පුවත්පත් වලින් ටික ටික දැන් එළියට එන්නේ.තව බැනපන් ලොක්කා පත්තර වලට ,ටීවී චැනල් වලට පලු යන්න.එතකොට එයාලා හොඳ හොඳ විස්තර අපට ලබාදෙයි. හෝටලේ සීසීටීවී කැමරා පරීක්‍ෂා කලොත් ,අර තාත්තා කිව්ව ව්‍යාපාරික ප්‍රජාව සමග තිබුන සාකච්ඦාව පිළිබඳවත්, පුතා එතැනදි කල කී දේ පිළිබඳවත් පොලෝසියේ මහත්තුරැන්ට හොඳ සාක්‍ෂියක් ලබාගන්න පුලුවන් වේවි. ඵතකොට පොලිසිය කල පරීක්‍ෂණවල සත්‍යගරැකබව නිකම්ම ඔප්පු වෙයි. ඉතාම පහල මට්ටමේ ඉඳලා අමාරැවෙන් කන්දක් නැග්ගට පස්සේ හැදෙන මුල අමතක වීමේ රෝග ලක්‍ෂණයක ප්‍රථිඵලයක් තමා ඕක.දෙවියෝ බලන්න ගත්තම උඩ පැන පැන බලනව කියන්නේ ඕකනේ ගොයියෝ.

Main News