‘වොයිස් ඔෆ් ඇමරිකා’ වසර 30 කට පසු ලංකාෙවන් ඉවත් වේ.. ඉරනවිල ඉඩමට වසරකට ඩොලර් මිලියන 10ක කුලිය හා රැකියා සිය ගණනක් අහිමියි..
January 19, 2017 at 8:02 am | lanka C news
1988 වසරේදි ශ්‍රීලංකා පැමිණි ඇමරිකානු රජයේ අරමුදලන් නඩත්තු වන සන්නිවේදන නාලිකාවක් වන වොයිස් ඔෆ් ඇමරිකා Voice of America (VOA) තම සේවාව ශ්‍රීලංකාවන් ඉවත් කර ගැනිමට තීරණය කොට ඇත.
පුත්තලම දිස්ත්‍රික්යේ ඉරනවිල ප්‍රදේශයේ අක්කර 500 ක් භූමියක් මේ සඳහා ශ්‍රීලංකා රජය විසින් ලබාදීමට කටයුතු කල අතර ගිවිසුමක් අත්සන් කොට ඒ සඳහා ඇමරිකාව වසරකට ඩොලර් මිලියන 10 ක් එනම් රුපියල් බිලියන 1.5 ක් (මිලියන 1500) ක් ශ්‍රීලංකාවට ගෙවන ලදී. ඊට අමතරව සැලකිය යුතු රැුකියා ප්‍රමාණයක්ද ශ්‍රීලංකිකයින්ට ලැබුණ අතර දකුණු ආසියානු කලාපය ආවරණය කරමින් එම නාලිකාව ක්‍රියාත්මක විය.
මුලදි ඉහත බදු මුදල ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවට ලැබුනත් එවකට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ව සිටි වර්තමාන ආණ්ඩුවේ අගමැතිවරයාගේ ඉහළම තනතුරක් දරන පුද්ගලයකු විසින් එය වෙනත් ආයතනයකට යොමු කල බවත්, ගිවිසුම අත්සන් කොට ඇත්තේ එවකට ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති සහ ඇමරිකානු තානාපති මුදල් අමාත්‍යාංශයේ දි බවත් කරුණු හෙලි කරයි.