වෝහාරික වාර්ථාව දෙවියෝ දුන්න එකක්.. දැන් අපට හොරු කියලා කියනන බෑ..- රවි

February 10, 2020 at 10:40 am | lanka C news
වෝහාරික වාර්ථාව දෙවියෝ දුන්න එකක්.. දැන් අපට හොරු කියලා කියනන බෑ..- රවි

“පසුගිය වසර 05 ඇතුලත මම කිසිම වාහනයක් ආනයනය කරලා නැහැ. ඒක මට වගකීමෙන් කියන්න පුලූවන්. පසුගිය වකවානුව තුළ මම මුදල් අමාත්‍ය ධූරය, විදේශ කටයුතු අමාත්‍ය ධූරය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය ධූරය දැරුවා. නමුත් කිසිම ආකාරයක වාහන ආනයන කටයුත්තකට මම සහභාගි වෙලා නැහැ. මම ඒ ආකාරයෙන් වාහන ආනයනය කළා කියන මාධ්‍ය වාර්තා සම්පූර්ණ අසත්‍යයක්. මම දන්නේ නැහැ ඒ ආකාරයෙන් ඇයි චරිත ඝාතනයක් සිදු කළේ කියලා. ඒ අසත්‍ය ප්‍රචාර පළකල මාධ්‍ය ආයතන වලින් මම ඉල්ලා සිටින්නේ, ඒ අසත්‍ය වාර්තා නිවැරදි කරන්න, එහෙම නැතිනම් ඒ සම්බන්ධයෙන් මම නීතිමය පියවර ගන්නවා” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

රවී කරුණානායක මහතා මෙම අදහස් පළකර සිටියේ, ආමර්වීදිය කෝවිලක පැවති ආගමික වතාවත් වලින් අනතුරුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිලිතුරු ලබාදෙමිනි.

මෙහිදී වැඩිදුරටත් මාධ්‍ය වෙත කරුණු පැහැදිළි කළ අමාත්‍යවරයා,

මේ වනවිට එක්සත් ජාතික පක්ෂය තුළ ප්‍රශ්නයක් ඇති බවට මාධ්‍ය විසින් මවාපෑමතක් සිදුකරලා තිබෙනවා. නමුත් අපේ පක්ෂය තුළ කිසිදු අභ්‍යන්තර ගැටළුවක් නැහැ. ඒ නිසා තමයි රනිල්, කරූ, සජිත්, රවී කියන අපි සියලු දෙනාම මේ අසත්‍ය ප්‍රචාරයන් නවත්වන්න, පක්ෂයේ ශක්තිමත්භාවය පෙන්නුම් කරන්න කටයුතු කරගෙන යනවා. පක්ෂයේ නායකයින් සාමාජිකයින් සියයට අනූනවයක්ම එකාමෙන් කටයුතු කරනවා. සියයට එකක් තමයි මේ යම් යම් ප්‍රකාශයන් සිදුකරන්නේ. මම එක්සත් ජාතික පාක්ෂිකයින් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ, අලි රැලක් වගේ අපි එකමුතුව කටයුතු කරමු කියලයි. කෙසේ නමුත් ලබන සතිය වනවිට එක්සත් ජාතික පක්ෂය තුල සැබෑ එකමුතුවක් තුළින් දැඩි ස්ථාවරත්වයක් ඇති කරන්න අපි සූදානම්.

මේ ආණ්ඩුව ජනතාවට කරන්න බැරි දේවල් පොරෙන්දු දීලා, දැන් ජනතාව මහත් අසීරුතාවයකට පත් කරලයි තිබෙන්නේ. එදා අපි ආණ්ඩු බලය ලබා ගත් අවස්ථාවේ, අපි කරන්න බලාපොරොත්තු වූ වැඩපිළිවෙල සියලු දෙනාටම දැනගන්න සැලැස්සුවා. නමුත් මේ ආණ්ඩුවට ඒ ආකාරයේන කටයුතු කරන්න බැරි වුණා. මේ ආණ්ඩුව බලයට පත්වෙලා දැන් දින 80 ක් වෙනවා. නමුත් ජනතාවගේ අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍යවල පවා මිල පහල දැමීමක් සිදුකරගන්න බැරිවෙලා තිබෙනවා. මේ ආණ්ඩුවට බලය ලැබුණට හැකියාවක් නැහැ. ලබන අප්‍රේල් 25 වනවිට මහා මැතිවරණය පවත්වයි. ඒ ආවස්ථාවේදී සියලු දෙනාම එකමුතු වෙලා, රට ගැන හිතා, සියලු දේශපාලන බෙදීම් අමතක කරලා, දැඩි පැහැදිළි තීරණයක් ගතයුතුයි.

මේවනවිට වෝහාරික වාර්ථාවෙන් සියල්ල පැහැදිලි වෙලා තිබෙනවා. එදා අපි දෙතුන්දෙනෙකුට හොරු කියලා ඇගිල්ල දික්කලාට, සැබෑ හොරුටික සිටියේ මහබැංකුවේ. මම හිතන්නේ මේ වෝහාරික වාර්ථාව මේ ආකරයේන පැහැදිළිව ඉදිරිපත් කිරීම, දෙවියෝ දුන්න අවස්ථාවක් යැයි පැවසීය.

– මාධ්‍ය අංශය

14,731 Viewers

12 Comments to “වෝහාරික වාර්ථාව දෙවියෝ දුන්න එකක්.. දැන් අපට හොරු කියලා කියනන බෑ..- රවි”

  1. Alapaluwa says:

    ඇත්තටම එහෙමද සිතා ඉන්නේ? අනේ පවු! උබවගේ නිලකාස හොරෙක්ට මොන දෙවියෝද පරයෝ පිහිටවන්නේ? චුට්ටක් ඉවසා සිටපන් ළඟදීම ලැබේවි දෙවියන්ගේ දඩුවම.අනෙක උබ ඉතින් ගෑණිගේ නමට ලැබුණු bribe House එක ගැනවත් දන්නේ නැති අසරනයෙක්නේ.අනේ පලයන් කරුන්කා හොරා තොත් ඔය ඉන්න එවුන්ගෙන් තවත් එක කපටි කයිරාටිකයෙක් බව කවුරුත් නොදන්නා රහසක් නොවේ බව දැනගනින්. උබලා ගැන ජනතාව සහා නිතිය ඉක්මණටම අපිට සතුටුවන්න තීරණයක් ගනීවි. අන්න එදාට ඔය උබකියන දෙවියන් සිහිකරගනින්!!

    • Rata Wenuwen says:

      දෙයියොත් පල්වෙන කරුනක් ගැන නේ කරුන්කයා හඬ නගන්නේ, එහේනම් උඹ සුදනා හොරා කෑවෙම නැහැ, මාලිගා ගෙවල් හිටිහැටියේ මතුවුනේ කඔහෝමද බූරුවෝ,

    • Jeewanee Kariyawasam , chilaw says:

      kawada ho sathaya jaya gannawa ape ravi mathiduni . oba thumata jayen jaya

  2. buwa says:

    අර කෝටි ගානක් වටිනා පෙන්ට් හවුස් එකත් දෙයියො දීපු එකක් වෙන්න ඇති. මේ වෝහාරික වාර්තාව හදපු ඉන්දීය සමගමේ ලොක්කො පගා අරන් වාර්තා හදල මාට්ටු උනා. කරුංකා හරිම අහින්සක සීදේවි එකානෙ. හොරකම ගෑවිලාවත් නෑ. උගේ මහ එකා මිස්ටර් ක්ලීන් වගේ මයි. මේ පාහර හැත්ත තවත් එනව අපිව ගොනාට අන්ඳන්න. ඒව වානා කරුපයියා.

  3. mhajanathaawa says:

    oya maguley warrthawa bolaaagey minis suma hadapu ekak ney .etin kumana kathaaada.

  4. Ranjan says:

    HORAGEN PENNA AHALAA REPORT HEDUWA.

  5. Kalana says:

    Namuth Horekne… 🙂

  6. Rev. Iddlankara says:

    Dear Paster

    Your day light robber in Nation, you can;t hide your robbery…The Gob Punished you Man

  7. MR says:

    මූ කොච්චර ජරාව කපු එකෙක්ද කියල මුගේ ශරීරය දැක්කම තේරෙනවා. කොටින්ම බෙල්ලවත් පේන්නේ නැහැ ඒ තරමට මුළු ශරීරයම ජරාවෙන් පිරිලා.

  8. Sarath Bulathsinghala says:

    තව ටික දිනකින් මුදල් විසුද්ධිකරණයට මහ උලුගෙදර ගියහම කියපන් ඒකත් දෙවියෝ දුන්නැයි කියලා!

    මෙහෙමත් රට ජාතිය මහජනතාවගේ මුදල් අවභාවිත කරන එවුන්ව බලාගන්න දෙවියෝ ඉන්නවා කියන එක තමා අදහන ආගමට කරන අගෞරවයක් බව මුන්ට තවම තේරෙන්නේ නෑ!

  9. අප්පුහාමිගෙ මුණුපුරා says:

    යකෝ …… ඇතුලත්මුදලි මහත්තයා ගෙ දේපල සේරොම හොරකම් කලා, උඹ එතුමාගෙ ගණකාධිකාරි වෙලා ඉන්බකොට දේපල ලියා ගත්තා… ඒවා අපි දන්නවා.

    කරුංකා ගෙඩියෙ පටන් හොරා කන තොපි නිදහස් වෙන්න මලාන ඉන්දියාවේ හොරෙක් එක්ක ඩීල් දාල වෝහාරික විගණන කරල සුදන වුණාට තොට අපායෙ යන එක නවත්ත ගන්න බෑ..
    ඒක මතක තියා ගන්
    කිලිනොච්චි කියල මැදවච්චිය නොයා..

  10. you are not suitable for the SL parliament., you are s Main thief in the world. all you have intelligent only for eating public money…

    GET LOST PAHARAYA..
    MAKABAviyan
    now enough eating innocent people money. you will have to suffer near the future
    don’t make fool people anymore

Main News