ශනි අබේස්සේකර අත් අත්අඩංගුවට ගන්නැයි කියයි..

June 8, 2020 at 5:30 pm | lanka C news
ශනි අබේස්සේකර අත් අත්අඩංගුවට ගන්නැයි කියයි..

සිංහලේ සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි

බන්ධනාගාරආශ්‍රිතව සිදුවන අපරාධ රැල්ල පාලනය සදහා ගොටාභය රාජපක්ෂ මහතා විසින් ලබාදුන් රතු නිවේදන සමග මේ වනවිට අපරාධකරුවන් සහ ඔවුන් වටා භ්‍රමණය වන දේශපාලකයන් හා ආරක්ෂක නිලධාරින් තැති ගැන්මකට ලක්ව ඇති ආකාරය සමාජ මාද්‍ය හැසිරීම අනුව පෙනීයයි.

සිරකුටිය ඉදිරියේ ඇති cctv වැසෙන ලෙස රෙදිවැල් ගැටගසාගෙන සිටි කන්ජිපානි ඉම්රාන්ගේ ක්‍රියාකාරකම් වැලක්වීමට අසමත්වූ බන්ධනාගාර නිලධාරින් අද කන්ජිපානිගේ සිරමැදිරිය තුල තිබී සොයාගත් දුරකථන පිලිබදව උදම් අනයි.

සැකකරුවෙකු අත්අඩංගුවට ගත මොහොතේ සිට බන්ධනාගාරයේ දඩුවම් කාලය ගත කරනා කාලය තුල මිල මුදල් ඇත්නම් රතීසුව විදීමට පවා හිමිකම් ඇති බව පාලකයනුත් අපරාධකරුවනුත් හොදින් දන්නා සත්‍යයකි . පසුගිය සතියේ මීගමුව බන්ධනාගාරයේ ඇති සුර සැප පිලිබදව මෙරට මාද්‍ය ඕනෑවටත් වඩා වාර්තා කර සිටින ලද අතර.

නිලධාරින් පාලකයන් හා මෙරට ජනමාද්‍ය එක්ව අනුරාධපුර බන්ධනාගාරයේ සිර දඩුවම් විදින සෙනරත් බන්දුල ලියනාරච්චිගේ දුරකථන සෙල්ලම හා ඔහු විසින් බන්ධනාගාර නිලධාරීන් සමග එක්ව ගෙනගිය මුදල් බෙදිල්ල යට ගසන ලදී .

සෙනරත් බන්දුල යනු 2012 වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් ඝාතනයේ ඇසින් දුටු ශාක්ෂිකරු බවට හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තු අද්‍යක්ෂ ශානි අබේසේකර විසින් කිරි පොවා නහවා ගොටාභය රාජපක්ෂට එරෙහිව ශාක්ෂි ලබාදීමට බොරු ශාක්ෂි ගෙතීමට යොදා ගත් “ඩමියයි”

ශානි විසින් සිදුකල අපරාධ මේ වන විටත් ඕනෑවට වඩා හෙළිදරවු වී තිබුනද වත්මන් ආරක්ෂක ලේකම්වරයාගේ නිද්‍රාශීලි පිළිවෙත හේතුකොටගෙන සහ cid ය තුල සේවය කරන ශානිගෙ හිතවතුන් හා ගෝලයන්ගේ ආශීර්වාදයෙන් නිදහස්ව සිටින කළුපටි අපරාධකරුවෙකි.

අද වනවිට ශානි විසින් තමන්ගේ හොදම හිතවතකු වන cid යේ තමන් සමග එකට සේවය කල ප්‍රේමතිලක නම් පොලිස් පරීක්ෂකවරයාගේ පුත්‍රයකු වන 23 හැවිරිදි අතුරුගිරියේ දිලූ නැමැත්තා කුඩු සමග අත්අඩංගුවට ගත්, අතර ඔහු විසින් මේ වනවිට ශානි විසින් කුඩු ජාවාරමට උදවු උපකාර කල ආකාරය පාපොච්චාරණය කරමින් සිටි. ශානි පොලිස් පරීක්ෂක ප්‍රේමතිලකට කෙතරම් පෙම් බැන්දාද කිවහොත් ප්‍රේමසිරි පොලිස් සේවයෙන් විශ්‍රාම ගිය පසු නැවතත් කොන්ත්‍රාත් පදනමින් සේවයේ පිහිටවීමට අවශ්‍ය සියල්ල සිදුකළේය .

අපි දන්නා පරිදි ශානි පෙම් කලේ ප්‍රේමසිරිට නොව කුඩු සල්ලි වලටය . ශානි ප්‍රේමසිරි ප්‍රේමයට තවත් හවුල්කරුවෙක් සිටි අතර ඔහු නමින් මෙන්ඩිස් නම් විය. වර්තමාන වැඩ අනන පොලිස්පතිවරයාගේ පුර්ණ ආශීර්වාදයෙන් ඇබිලිපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්තානාධිපතිදුරය පිරිනැමීමට මැදිහත්වුයේද ශානිය .

මෙම විමර්ශන නිලධාරීන් දෙදෙනා මෙතරම් ලෙන්ගතුව තුන්කොන් ප්‍රේමයෙන් බැදී සිටීමට හේතුවුයේ ඇයි ? මේ පුද්ගලයන් එකට එක්ව සැකකරුවන්ට එරෙහිව ශාක්ෂි ගොඩ නැගීමටත් ගොටාභය රාජපක්ෂට එරෙහිව බොරු චෝදනා නගමින් අපරාධමය චෝදනා තහවුරු කිරීමත් මොවුන්ගේ ප්‍රධාන කටයුතු විය .

cid යට අයිති විමර්ශන ගොනු තොග පිටින් භාහිර පුද්ගලයන්ට ලබාදෙමින් , ltte යට සම්බන්ධ බවට සැක කරන නිශාන්ත සිල්වා කන්දප්පා වැනි නිලධාරින් රකිමින් , සැකකරුවන්ට එරෙහිව අධිකරණ තීරණ වෙනස් කර මරණිය දණ්ඩනය පැමිණවීමට අධිකරණ විනිසුරුවන්ට බලපෑම් කිරීමට සමත් , කුඩු ජාවාරම්කාරයන් රකින ශානි අබේසේකර අදටත් එළියේ සිටිමින් කටයුතු කරයි .

පාතාල නඩ , කුඩු ජාවාරම්කාර නඩ සොයා කටයුතු කරන අතර මෙවැනි තක්කඩි රාජ්‍ය නිලධාරින් මේ අවස්ථාවේදී හෝ අත්අඩංගුවට නොගතහොත් මෙරට අපරාධ රාජ්‍යක් බවට පත් කිරීමට යහපාලන තක්කඩියන් ගෙන ගිය වැඩ පරාජය කිරීම අපහසු තත්වයකට පත්වනු ඇත .

ප්‍රදීප් සංජිව
ජාතික සංවිධායක
සිංහලේ සංවිධානය

0 views

8 Comments to “ශනි අබේස්සේකර අත් අත්අඩංගුවට ගන්නැයි කියයි..”

  1. T says:

    Shani Abesekara Wage Pada Poliskarayek Melahakatah Inna Onne Ekko Walikada Natnam Bogambara. Oya Yasse Ta Car Sale Ekka Dagana Inne. Dan Balagana Giyama Genaral Manawadu Ge Minimaru Math Mu th Adrian Kandappa Silva Th Haul. Mona Balu Nithie Yak Kriya Thamaka Wana Ratak Da Me. Diyawanna We Wesa Madu We Inna Mati Mol Horu 225 Ma Athulata Dala HAMUDA PALANAYAK AURUDU 10 KATA PALANYAK MAGIN RATA PALANAYA KARNNA OHNE.

  2. helitha says:

    ප්‍රදීප් සංජිව කියන්නෙ අර හිරු එකේ හැමවෙලාවෙම ඉන්න වොයිස්කට් දේශප්‍රේමියා නේද

    • හැලීගේ ධූම කේතුව says:

      ඔන්න මම කැට තියලා කිව්වා: ශානිව කීයටවත් ඇතුලට දාන්නේ ත් නැහැ දැම්මත් වැඩකුත් නැහැ. මිනිහ ට තියන සම්බන්ධකම් එක්ක ඇතුලත් එකයි පිටත් එකයි. නැත්නම් මෙලහකටත් ඇතුලේ. දැම්මොත් අනිවාර්යෙන් මහින්ද ගේ කාලේ වෙච්ච පළිගැනීම් , දේශපාලන අත්අඩංගුවට ගැනීම් , අපරාධ දෙපාර්තමේන්තුව ට බලපෑම් කිරීම් ඔක්කොම ආයේ සීඩී එක දැම්මා වගේ වමාරන ව දෙකක් නැහැ.
      මේවා ඉතින් ඡන්ද ඇඩ්. ඡන්දෙ ඉවර වෙච්ච ගමන් ශානි යනවා මහින්ද මහත්යාගේ දේවාලෙට. ඔක්කොම පව් කමා කරලා ආයෙත් සේවයේ පිහිටුවනවා කීකරු රාජපක්ශපාති නිලධාරියෙක් ලෙස. ගැලරියෙ අපි මෙව්වා බලලා විසිල් ගහලා බුදියාගන්නව.

  3. අසංඛ්‍ය says:

    මේ ප්‍රදීප් සංජීව කියන කොණ්ඩයා 2015 දී සිරිකොතේ සමාජ ජාලා කණ්ඩායම මෙහයවපු නායකයා. මෙයා තවත් කළු කොට හිමිනමක් සමග දැන් ඉන්නේ…

  4. ගමරාළ says:

    යකො මුව එල්ලන්න එපැයි .

    ඔක්කොම සෙල්ලං පොඩි මිනිහාහට විතරයි නිතිය බල්ලාට ගිහිල්ලා බල්ලො ලොකු පුටුවලට ගිහිල්ලා , යමපාලනයෙ වැඩ තමයි ඉතින් මෙ.

  5. Nawodhi says:

    Many OICs are drug masters. Come and see Kesbewa area police station is running by drug dealers.

  6. හැලීගේ ධූම කේතුව says:

    අපේ ලේකම් ස’ ගේ ටෙලිපෝන් එකට මේවා අහුඋනේ නැති එක තමා පස්නේ.
    ප්‍රදීප් සංජිවගේ එක ඉල්ලගත්තනං අඩුගානේ සතියකටවත්

  7. කාන්තාර පළඟැටියා says:

    පොඩ්ඩක් හිතන්න !!! ඔහොම සංවිධාන අටවාගෙන ඉන්න අය ජීවත් වෙන්නෙ කොහොමද කියල ? උන්ට රස්සා නෑ. පන්සලකට හේත්තු වෙලා විනය පිටකය අමු අමුවේ කෙලසන තක්කඩි චීවරධාරීන් ටිකක් එක්කහු කරගෙන ජාති ආලය දේශප්‍රේමය තැවරුණු නමක් දමාගෙන ෆේස්බුක් වගේ එව්වයින් කොල්ලො කෙල්ලො රවට්ටගෙන සල්ලි ගරාගෙන උන් ජීවත් වෙන්නෙ. ඒ සල්ලි වලින් තමා උන් කන්නෙ බොන්නේ , සිංහල අවුරුද්දට ඇඳුම් ගන්නෙත්…. ඊයා අප්පා