ශවේන්ද්‍ර කලකිරීමෙන්.. ධුරයෙන් ඉවත් වන හේතුව මෙන්න.. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයත් දින කිහිපයයි..
May 26, 2022 at 10:02 pm | lanka C news
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා හමුදාපති ධුරයෙන් ඉවත් වීමෙන් පසුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ ඉතා සීමිත දින ගණනක් පමණක් කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.
හමුදා සම්ප්රදාය අනුව හමුදාපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර දැරීම සිදු කරන නිසා එයට ගරු කිරීමක් වශයෙන් සීමිත දින කිහිපයක් ඔහු එම තනතුර දරනු ඇත.
ඉන් අනතුරුව ඔහු එම ධුරයෙන් ද ඉවත් වනු ඇති බව ද සඳහන්ය.
මෑත සමයේ දී රටේ තැනින් තැන ඇති වූ ගැටුම්කාරී සිදුවීම්වලදී ජනතාව වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් දේශපාලකයන් විසින් ඔහුට වරින් වර දෝෂාරෝපණය එල්ල කර තිබිණි.
එනිසා තම තනතුරේ වගකීම් නිසි ලෙස ඉටු කිරීමට හැකිතරම් නිදහස් වාතාවරණයක් නැති වීම මත කලකිරීමට පත්ව හමුදාපතිවරයා සිටින බවද වාර්තා වෙයි.
දේශපාලනඥයින් වෙනුවෙන් පෙනී නොසිටීම නිසාවෙන් ඉහළ දේශපාලන බලධාරීන්ගේ චෝදනාවට ද හමුදාපතිවරයා ලක්ව ඇති බවද දැනගන්නට ඇත.
කෙසේ වෙතත් මේ අවසානයේ ඔහු හමුදාපති ධුරයෙන් ඉවත් වීමට නියමිත අතර එතැන් සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ කටයුතු කිරීමට නියමිතය.
He was a great officer & a gentleman
සරත් ෆොන්සේකට, කමල් ගුණරත්නට, ශෙවේන්ද්ර සිලවාට නිසි පිළි ගැනීමක් ලැබුනේ රාජපක්ෂල නිසා තමයි. මහින්ද, ගෝඨාභය නැත්නම් සරත් ෆොන්සේකා කවදාවත් හමුදාපති වෙන්නෙ නෑ. යහපාලනේ ආපු ගමන් කමල් ගුණරත්නට හමුදාපතිකම නොදී ක්රිෂාන්තද සිල්වා කියල කෙනෙක්ට ඒක දුන්නා. ඔහුගෙන් පස්සෙ යහපාලනෙන් හමුදාපතිකමට ශවේන්ද්රන් සිල්වාව පත් නොකර 2010 ඉඳන් හමුදාවෙ වත් ලංකාවෙ වත් ඉඳපු නැති මහේෂ් සේනානයක කියල කෙනෙක් ගෙනත් ආපහු හමුදාවේ පිහිටවලා හමුදාපති කලා.
යහපාලනේ කාලේ ශෙවේන්ද්ර සිලවාට හමුදාපති නොවීම විශ්‍රාම යන්න වෙනවා මෛත්‍රිපාල ජනාදිපතිතුමා අවසානේ සේවා දිගුවක් දීලා ශෙවේන්ද්ර සිලවාව හමුදාපති නොකල නම්. යහපාලනෙන් පස්සෙ ශවෙන්ද්‍ර සිල්වට නිසි පිලිගැනීම ලැබුනා ඉතා ඉහලින්.
දැන් රනිල් අගමැති වුනු ගමන් ශවේන්ද්‍ර සිල්වට ආපහු තිබුනු තැන නැති වුනා
අනිවා මචන් සිරිසේන ජනාධිපතිතුමා විසින් ශවේන්ද්‍ර සර්ට හමුදාපතිකම දුන්නෙත් සිරිසේන ජනාධිපතිතුමා ආපහු මහින්ද රාජපක්ෂ එක්ක සමඟි වුනාට පස්සේ. කවදාවත් රනිල්, සජිත්, ජවිපේ ප්රමුඛ ආණ්ඩු වලින් යුද්ධෙදී වැඩ පෙන්නපු අයට නිසි පිලිගැනීමක් දුන්නේ නෑ.
Evan, Mahesh, ඔබ දෙදෙනාම කියන දේට මමත් එකඟයි.
ශවේන්ද්‍රට තියෙන පිළිගැනීම තමා දැන් රටේ තියෙන එකම ප්‍රශ්නෙ🤣🤣කොරෝනා වලින් හොදට ගසාකෑවා
දේශපාලුවන් ගේ අත කොටුව ක් නොවී ගෙදර ඉන්න එක සැපයි Shavendra.
නිලධරයකුට අවන්කව කටයුතුකිරිමට හොදම වාතාවරනයක් උදාවෙවා
රනිල් කැමති සමනලයෙක් හමුදාපති වෙනවානම් ඌගේ හෙන්චයියෝ
උතුරෙ වෙනම හිටපු කොටි මර්දනය කලා වගෙ නෙවෙයි, මේක ඇතුලෙම 3%ක් විසිරිලා ඉන්න ජෙපි මර්දනය අවදානම් බව එතුමාට තේරිලා වගෙයි. අනෙක ජෙපි මලගම හදලා රට බේරාගන්න ටයර් බාසාව දන්න කෙනෙක් වියයුතුයි. අපට මතකයි 80 ගනන් වල ජෙපි භීෂණයෙන් ජනතාව බේරාගන්න මගී ප්‍රවාහන බස්වලට පවා හමුදාව යෙදෙව්වා. ඒ හමුදා භටයන්ගෙත් බෙල්ල කපාපු තිරිසන් අවජාතක අලුගෝසු ජවිපෙ ත්‍රස්තවාදය පරදවා ජනතාව රැකගන්න බැරිනම් ඉතින් ඊළගට ඉන්න අයට ඉඩදීලා ඔබතුමා විශ්‍රාම යන්න. සේවා කාලය ඉවරවෙන්න කිට්ටුව ජෙපි මර්දන අවදානම ගන්නවට වඩා විශ්‍රාම ගැනීම ඇඟටත් ගුණයි. පරගැති මිසදුටු තිරිසන් අලුගෝසු ජෙපි ත්රස්තයන් 3% අතුගාලම දාලා ජනතාව බේරාගන්න වේලුසුමනලා වගෙ උදාර යෝධයන් බිහි වේවා…!!!