ශවේන්ද‍්‍රට පක්‍ෂව විරෝධතා…

August 25, 2019 at 8:40 am | lanka C news
ශවේන්ද‍්‍රට පක්‍ෂව විරෝධතා…

නව යුද හමුදාපතිවරයා වශයෙන් ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීම සම්බන්ධයෙන් ඇමරිකාවේ බලපෑමට විරෝධය දක්වමින් බළපිටියේ මහා සංඝයා වහන්සේලා පිරිසක් බළපිටිය නගර මධ්‍යයේ සාමකාමී විරෝධතාවයක නිරත විය.

බළපිටිය බස්නැවතුම් පොළ ඉදිරිපිට පවත්වන ලද මෙම විරෝධයට බෙන්තර වලල්ලාවිට කෝරලයේ ප්‍රධාන සංඝනායක කොස්ගොඩ සිරිවිමල, ගාලු දිසාවේ අධිකරණ සංඝ නායක අහුන්ගල්ලේ සීවක, බළපිටිය වැලිතර සුගතශාසනෝදය පරිවෙනාධිපති කැටපළේ සමිත තිස්ස, බළපිටිය සුභද්‍රාරාමාධිපති බළපිටියේ ධම්මික, අෂ්ඨ මහා විහාරාධිපති කිරම දේවින්ද, කොස්ගොඩ කේදාරඛාරාමාධිපති කොස්ගොඩ සද්ධානන්ද, කැන්දකැටියේ අනුරුද්ධ යන හිමිවරු ඇතුඵ සංඝයා වහන්සේලා පිරිසක් සහභාගි වූහ.

“මගේ රටේ රණ විරුවෝ මට විශ්වාසයි” ‘’ඔවුන් ගැන ජාත්‍යන්තර පරීක්ෂණ අනවශ්‍යයි’’ “ඔවුන් ගැන අපිබලා ගන්නම්” ‘’අමරිකාවත් අකැමතිනම් දෙමළ සංධානයත් අකැමතිනම් අන්න අපට හරියන යුද හමුදාපති’’ ආදී වැකි ලියූ බෝඩ් පුවරු ප්‍රදර්ශනය කරමින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා හා විහාරස්ථානයට එක් වූ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරස විරෝධතා  විරෝධතාවයේ නිරත වූහ.

මෙහි දී අදහස් දැක්වූ අධිකරණ සංඝනායක අහුන්ගල්ලේ සීවක හිමියන් මෙසේ පැවසීය..

ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පත්වීම අපි අගය කරනවා. ඒ පිළිබඳව ජනාධිපතිතුමාට ප්‍රසාදය පුද කරනවා. අපි කවුරුත් ස්වාධීනත්වයට, අභිමානයට කැමතියි. යුද්ධය නිමා කොට සමස්ත රටවැසියාට බිය සැක නැතුව ජීවත්වීමට ඉඩ සලසාදුන් වීරෝධාර යුද නායකයෙක්. රණ විරුවන් අතින් පහත් පෙළේ මනුෂ්‍ය ඝාතන සිදුවුණා කියන එක ප්‍රතික්ෂේප කරනවා. ත්‍රස්තවාදීන් විසින් පොලිස් නිලධාරීන්, හමුදා නිලධාරින්, අහිංසක ජනතාව ඝාතනය කරද්දී ජාත්‍යන්තරයකට ඇරියේ නැහැ. මේ පත්වීමට සුඵ ජාතීන්  අපිට අභියෝග කරනව නම් වියට්නාමය වැනි රටවල් ගත් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් කීහ.

භික්ෂූව් වහන්සේලා සාමකාමී විරෝධතාවයේ නිරත වන අයුරු සහ විරෝධතාවයට සහය පල කරමින් විරෝධතා පුවරුවක් සවි කිරීමට කටයුතු කරන ලද අකාරය ඩහත ඡායාරූප වල දැක්වේ.

මෙම අවස්තාව සදහා සඳහා ගිහි ජනතාවද විශාල පිරිසක්ද සහභාගි විය.

– ජයකාන්ත ලියනගේ

22,649 Viewers

7 Comments to “ශවේන්ද‍්‍රට පක්‍ෂව විරෝධතා…”

  1. Vesamuni says:

    meya mulu ratama thula siduwiya yuthu namuth, mehemawath karana eka gaena api sathutuwiya yuthui. amerikawa shavendrage pathweemata wiruddawa ayojana akulagannawalu. ithin apitath wena athak balanta wei. lankawa cheenaya desata naeburuwenawa kiyala neda ehema karanne? cheenaya amerikanlata wada lankawe daenatamath ajojana karala naedda?

  2. මේ රටෙන් කෑලි කඩාගෙන ඇමෙරිකන් හමුදා තිප්පොලක් මෙහෙ ස්ථාපිත කර ගන්න කැහැපොට ගහනව ඇරෙන්න ඇමෙරිකාව මොනවද මෙහෙ ආයෝජනය කරල තියෙන්නෙ? පිලිගත්තත් නැතත් මෙහෙ ආයෝජනය කරන්නෙ චීනය තමයි. අපට ඇමෙරිකන් ආයෝජන තිබුනෙත් නැහැ. ඕනෙත් නැහැ.

    • ගෝමස් says:

      ඔබ හරි. ඇමරිකාව සද්දේ විතරයි. නෝ ඉන්කම්.

  3. SuMa says:

    මිනිසුන්ගේ අපේක්ෂාව පැහැදිලියි.

  4. Ravana Parapura says:

    රාවණ පරපුරෙන් ඇමෙරිකාව බටහිර හොද පාඩමක් ඉගන ගනීවි

  5. Open mind says:

    ඇමරිකානු හා බටහිර බලවේග දක්වන විරෝධතා ගැන ඉදිරි ජනාධිපති අපේක්ෂකයන් ඍජුවම දක්වන අදහස් ජනතාවට වැදගත්.

  6. Sarath says:

    Sudusata sudusu thana
    We need to protect him

Main News