ශවේන්ද්‍ර සිල්වාට බටහිරින් එන චෝදනා පසුපස හිටපු හමුදාපති..?
August 21, 2019 at 10:00 am | lanka C news
නව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට බටහිර රටවලින් සහ එක්සත් ජාතීන්ගේ විවිධ සංවිධාන වලින් එන චෝදනාව පසුපස හිටපු හමුදාපතිවරයා සිටින බවත් තමන් වගකීමෙන් පවසන බව සිංහලේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති.
උන්වහන්සේ මෙම අදහස් පළ කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එම හමුවට සහභාගී වු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ සදහන් කලේ නව හමුදාපතිවරයා පත් කිරීම ගැන නයි ගැරඩි සියල්ලන් කලබල වී ඇති බවයි.